විශ්වාසභංගය විපක්ෂයෙන් ගෙන ආවත් ආණ්ඩු පක්ෂයේ සහායත් ඊට ඇති බව ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් කතාවෙන් පෙනී යන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය...
විශ්වාසභංගය විපක්ෂයෙන් ගෙන ආවත් ආණ්ඩු පක්ෂයේ සහායත් ඊට ඇති බව ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් කතාවෙන් පෙනී යන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
අගමැතිවරයා සමඟ පෞද්ගලිකව කිසිදු වෛරයක් නොමැති බවත් අගමැති සිංගප්පූරුවට ගිය අවස්ථාවේ තානාපති කාර්යාලයට ගෙන්වා අර්ජුන් මහේන්ද්‍රන් හමු වූ බවට සැකයක් බවත් අර්ජුන් මහේන්ද්‍රන් ගෙන ඒමේ වගකීම ඇත්තේ අගමැතිවරයාට බවද එතුමන් වැඩිදුරටත් පැවසීය.
අර්ජුන අලෝසියස් ඉන්න විත්ති කූඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් හිටගත යුතු යැයි වාසුදේව නානායක්කාර මහතා එහිදී කියා සිටියේය.
එමෙන්ම විශ්වාසභංගයේ අර්ථය බොහෝ දෙනා නිරුවත් කිරීම මෙන්ම මේ විශ්වාසභංගයේ අර්ථය ආණ්ඩුව දෙකඩ කිරීම බවද ඒ මහතා කියා සිටියේය.
COMMENTS