හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ඉන්දීය සංචාරය නිමා කර ඊයේ (13) රාත්‍රී 10.30 ට ඉන්දියාවේ නව දිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුව...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ඉන්දීය සංචාරය නිමා කර ඊයේ (13) රාත්‍රී 10.30 ට ඉන්දියාවේ නව දිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ඒ මහතා ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ආරාධනාවක් මත ඉන්දියාවට ගොස් සිටි අතර , එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද හමුවී සාකච්ඡා පැවැත්වීය .
වියට්නාමයේ පැවති ආසියාන් රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සදහා එහි ගොස් සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස , එම තුන් දින සංචාරය නිමාවට පත් කර ඊයේ (13) රාත්‍රී 10.15 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 407 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS