ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා යුධ හමුදාව සහ හමුදාපතිවරයා සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ ප්‍රකාශය පිළිබද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා යුධ හමුදාව සහ හමුදාපතිවරයා සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ ප්‍රකාශය පිළිබද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රසාදය පළ කර තිබේ.
අමාත්‍ය ධුරයක් දරමින් යුධහමුදාපතිවරයාට එරෙහිව චෝදනා එල්ල කිරීම වැරදිසහගත බව ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.
කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විය.
එහිදී මූලික වශයෙන් කරුණු දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු වූ බව වාර්තා වේ.
2008 සහ 2009 වසර අතර කාලයේදී තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරුවන් හදුනාගෙන ඇති පසුබිමක ඔවුන්ට නඩු පවරා නොමැති බවත්, අදාළ චූදිතයින්ට එරෙහිව කඩිනමින් නඩු පවරා ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී තිබේ.
ත්‍රිවිධ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන නඩු නොපැවරීම වැරදිසහගත ක්‍රියාවක් බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී ඇති බව සඳහන්ය.
COMMENTS