අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් තමන්ට විශ්වාසයක් තිබෙන බවත් ඔහු දේශපාලනයට පැමිණ පෝසත් වූ පුද්ගලයෙකු නොවන බවත් අද මහින්ද රා...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් තමන්ට විශ්වාසයක් තිබෙන බවත් ඔහු දේශපාලනයට පැමිණ පෝසත් වූ පුද්ගලයෙකු නොවන බවත් අද මහින්ද රාජපක්ෂ මහතා කැන්ටිමේදී මුස්ලිම් ඇමතිවරුන් හමුවූ බවත් අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දිනුවත් දිනුම් පැරදුණත් දිනුම්. අගමැති ගැන අපිට විශ්වාසයක් තිබෙනවා. ඔහු දේශපාලනයට ඇවිත් හැදුන පුද්ගලයෙකු නෙවෙයි. දේශපාලනයේ කිසිම කෙනෙක් 100%ක් සම්පුර්ණ නෑ. දිගන සම්පුර්ණ වගකීම අගමැතිට දැමීම වැරදියි. දිගන සිදුවීමට පොහොට්ටුවේ පළාත් පාලන මන්ත්‍රීවරුන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට තිබෙනවා. මහින්දගේ ඇගේ ජාතිවාදය තිබෙනවා. එතුමා පිළිබඳ සුළු ජාතීන් අප්‍රසන්න තත්ත්වයක ඉන්නේ. අද කැන්ටිමේදී මුස්ලිම් ඇමතිවරු හමුවෙන බව දැක්කා. දැන් පරක්කු වැඩියි. යුද්ධයට ඩොලර් මිලියන 100ක් අවශ්‍ය වන විට ගෝඨාට හා බැසිල්ට දෙන්න බැරි වුණා. පී.බී. ජයසුන්දර පැය භාගයෙන් සල්ලි දුන්නා. බෙල්ල වටේ රතු පටිය දාගෙන ඉන්න තරුණ මන්ත්‍රීවරයාගේ සල්ලි තිබෙන්නේ ඩුබායි ගිණුම්වල.”
COMMENTS