දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මඩකලපුව විශ්ව විද්‍යාලය ගැන නොදන්න කතාව මෙන්න..
Homeප්‍රවෘත්ති

මඩකලපුව විශ්ව විද්‍යාලය ගැන නොදන්න කතාව මෙන්න..

PropellerAds

කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පල කලේය. රට වනසන ආණ්ඩුවේ අවසාන ...

වැරදි කොන්ත්‍රාත්තුවක් දී කායවර්ධන ක්‍රීඩකයා ඝාතනය කරවූ ආමි සමන්ත අත්අඩංගුවට!
ලක් ඉතිහාසයේ කඩඉමක් සටහන් කරන තම්බපන්නියේ සිට උතුරට මං ආවා - සනත් නිශාන්ත
පෙරටුගාමීන් කියන 'දූපත' ගැන හොයන්න! - පොලිස් ඇමැති CID යයි!
කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පල කලේය.

රට වනසන ආණ්ඩුවේ අවසාන මැයි දිනය ලෙස මෙවර මැයි දිනය ශ්‍රී ලංකාවේ කැලැන්ඩරයට එකතු වේවායි කියා ප්‍රාර්ථනා කරනවා. අද ජනපති, අගමැති ඇතුළු ආණ්ඩුවේ අසංවේදීභාවය නිසා වන්දි ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ සාමාන්‍ය ජනතාවටයි. ඒක මේ මොහොත දක්වා කෙළවරක් කර ගන්න බැරි තත්ත්වයකට පත්වෙලා. නැවත මර බියකින් රට වෙළී තිබෙනවා. ජනතාව අවිනිශ්චිත තත්ත්වයකින් පසුවෙනවා.
අපි 2015 සිට මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ගැන පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතදීත් හෙළි කළා. ආණ්ඩුව කළේ ත්‍රස්තවාදීන් දඩයම් කරනවා වෙනුවට ත්‍රස්තවාදය නැති කළ මිනිසුන් දඩයම් කිරීමයි. මේ වන්දිය තමයි රටට සහ ජනතාවට ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ.

වසර 30 ක් තිස්සේ පැවති යුද්ධයකට නායකත්වය දුන් මහින්ද රාජපක්‍ෂ මහතා මේ ත්‍රස්තවාදය මර්දනය කරන්න රජයට සහාය දෙමු කියා කිව්වා. හිටපු ආරක්‍ෂක ප්‍රධානීන් කැඳවා වාර්තාවක් ලබා ගන්න කටයුතු කළා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හිටපු ආරක්‍ෂක ප්‍රධානීන් සමඟ පැවති කෙටි සාකච්ඡාවකදී මේ ත්‍රස්තවාදය ගැන නොදන්නා කරුණු බොහෝ කරුණු හෙළිදරව් වුණා.

හිටපු ආරක්‍ෂක ප්‍රධානීන් සමඟත් සාකච්ඡා කළා. ඔවුන්ගෙන් වාර්තාවක් ලබා ගත්තා. එහෙම තිබියදීත් රාජිත සේනාරත්න වගකීම් විරහිතව, තමන්ගේ පැවැත්ම උදෙසා විපක්‍ෂයට දේශපාලන වශයෙන් මඩ යන්ත්‍රය දියත් කරන්න තීන්දු කර තිබෙනවා.

මහින්ද – ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් ආණ්ඩුවට උදව් කිරීමට සූදානම් වුවත්  රාජිතගේ මේ මඩ දේශපාලනය ගැන රටේම ජනතාව අනිමිසලෝචනයෙන් බලාගෙන ඉන්නවා.

කටානේ පිපිරීම් පසුව පල්ලිය ඉදිරිපිට ජනතාව විලාප දුන්නා. අපි රූපරාමුවල දැක්කා එළිය සිටි සුනඛයෙක් බුර බුර පල්ලිය දෙසට දුවනවා. ඒ සුනඛයාට තිබූ සංවේදීභාවයවත් ආණ්ඩුවට තිබුණා නම් රටට මෙවැනි විනාශයක් වෙන්නේ නැහැ. ආණ්ඩුවේ නොසැලකිලිමත්කම නිසයි මේක වුණේ.

මියගිය කෙනෙක්ට රුපියල් ලක්‍ෂ 10 ක් සහ තුවාල අයට ලක්‍ෂ 5 ක් දෙනවා කියනවා. මනුෂ්‍ය ජීවිතයට මිලක් නියම කරන්න බැහැ. ඒක වෙනම කතාවක්. නමුත් ආණ්ඩුවේ අසංවේදීභාවය නිසයි ජනතාව මියගියේ. මියගිය සෑම කෙනෙක්ම අවතක්සේරු කරන්න එපා. අවසන් මොහොතේ හෝ පුංචි සංවේදීභාවයක් තිබෙනවා නම් අවම තරමින් මියගිය කෙනෙක්ට රුපියල් ලක්‍ෂ 50 ක් දිය යුතුයි. තුවාල ලැබූවන්ගේ තත්ත්වය අනුව අවම තරමින් රුපියල් ලක්‍ෂ 25 ක්වත් දිය යුතුයි.

රාජිත සේනාරත්න මඩකලපුව ශරීයා විශ්වවිද්‍යාලය ගැන මඩ චෝදනාවක් කරනවා. රාජිත සේනාරත්නගේ ගෝත්‍රික විහිළුවලට උත්තර දිය යුතු නැහැ. සේනාරත්න පළමු බොරුව ආරම්භ කළේ 2015 ජනවාරි 15 වැනිදායි. අරලියගහ මන්දිරයේ කුමන්ත්‍රණයක් වෙනවා කිව්වා. එදා සිට බොරු යන්ත්‍රය කොපමණද? පැයේ, ෂති මාසික බොරු කියනවා. ඔහුට කිසිම චකිතයක් නැහැ. ඩොලර් මිලියන ගණන් බැංකු ගිණුම්වල. ආවා කල්ලියත් ගෝඨාගේ කල්ලියක් කිව්වා.

කරුණාකරලා මිනිසුන් සම්බන්ධයෙන් කරන චෝදනා ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි. සත්‍ය බිඳක්වත් නොමැති රාජිතගේ ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා. අනුන්ට එරෙහිව කරන මෙවැනි අසික්කිත ප්‍රකාශ ප්‍රචාරය කිරීමේදී දෙපාරක් හිතන්න. රාජිත සේනාරත්න ප්‍රා කල්ලිය හදාගෙන සිටි කාලයේදී තමයි අපි මාධ්‍ය ක්‍ෂේත්‍රයට ආවේ. එදා සිට තවමත් මේ රටට බොරුවක් කියලා නැහැ.

වෘත්තීය පුහුණු ඇමැතිවරයා හිටි කාලයේදී විශ්වවිද්‍යාල වෘත්තීය පුහුණු ආයතන 25 ක් ඇති කරන්න තීන්දුවක් ගත්තා. 20 ක් ආණ්ඩුවේ ආයතන. 5 ක් පෞද්ගලික ආයතන. පහෙන් තුනක් අපි ආරම්භ කළා. 20 න් හයක් අපි ආරම්භ කළා. මීට වඩා ඉදිරියට යන්න අපිට පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ කියන මඩකලපුවේ විශ්වවිiාලය ආරම්භ කිරීමට අවසරය දුන්නේ පාඨමාලා තුනක් වසර තුනකටයි. .

2013 අගෝස්තු 15 වැනිදා මේ ගිවිසුම අත්සන් කළේ. ඒ පාඨමාලා ශරීයා පාඨමාලා නෙමෙයි. වෘත්තීය පුහුණු පාඨමාලා තුනක් සහ දෙකක් කෙටි කාලීන පාඨමාලා වශයෙන් අවසරය දුන්නා. 2016 වසරේදී අවසන් වෙනවා. ඉන් පසුව සිදු වූ සිද්ධීන්වලට රාජිත සේනාරත්න මහතා වගකිව යුතුයි. රාජිත සේනාරත්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දුන් ලිපි ලේඛන අපි ෂතුව තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ රජය යටතේ වෘත්තීය පුහුණු පාඨමාලා ඇරෙන්න කිසිම ආකාරයක විශ්වවිද්‍යාලයක් වෙනුවෙන් අවසරය දුන්නේ නැහැ. රාජිත කියන්නේ පට්ටපල් බොරු. ගෝඨාභය භීතිකාවෙන් පෙළෙන රාජිත සේනාරත්න ඇතුළු එජාපයටත් කියන්නේ මේවා ගැන සාකච්ඡා කරමු. රට භීතියෙන් වෙළාගෙන සිටින මේ මොහොතේ මඩ ප්‍රචාර කරන්න එපා. කිසිදු ජාතිවාදී, ආගම්වාදී කිසිම තීන්දුවක් එදා සිටම අරගෙන නැහැයි කියා වගකීමෙන් කියනවා.

– චාමින්ද කරුණාරත්න

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මඩකලපුව විශ්ව විද්‍යාලය ගැන නොදන්න කතාව මෙන්න..
මඩකලපුව විශ්ව විද්‍යාලය ගැන නොදන්න කතාව මෙන්න..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5Ffg4nBHqw6SVpNZ3HkyDx_07_RwCL-GpsU9ubzREkKDJvI9UAyfQKW7otJE4ksAFLEs4cPpOy2PxWDwdfXAA280xmfupS-sluLDPFYAs1jIvc5asNW97V8Nuy2EqRZCfwM-1XayzrXgo/s320/baticlocumpus.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5Ffg4nBHqw6SVpNZ3HkyDx_07_RwCL-GpsU9ubzREkKDJvI9UAyfQKW7otJE4ksAFLEs4cPpOy2PxWDwdfXAA280xmfupS-sluLDPFYAs1jIvc5asNW97V8Nuy2EqRZCfwM-1XayzrXgo/s72-c/baticlocumpus.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_58.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_58.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy