දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනාගේ ඉදිරි සැලැස්ම ගැන චන්දිම කියයි
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනාගේ ඉදිරි සැලැස්ම ගැන චන්දිම කියයි

PropellerAds

අපි 16 දෙනා තින්දුවක් ගත්තේ එකට ඉදගෙන විපක්ෂයේ කාර්යභාරය මෙහෙයවන්න යැයි හිටපු අමාත්‍ය චන්දිම විරක්කොඩි මහතා පවසයි. අද (28) ගාල්ල හපුගල සි...

පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ මහ මොලකරු සහරාන් නෂීම් නොවේ.. ප‍්‍රබල දේශපාලඥයෙක් !
ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුව විසුරවීමට ජනාධිපති නීතිපති මතය විමසයි !
‘25 වසරක් නායකත්වයේ හිටියා හොදටම ඇති.. දැන් යන්න..’ - එජාප නායකත්වයෙක් රනිල් එලැවීමේ සටන උත්සන්න වේ !
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනාගේ ඉදිරි සැලැස්ම ගැන චන්දිම කියයි

අපි 16 දෙනා තින්දුවක් ගත්තේ එකට ඉදගෙන විපක්ෂයේ කාර්යභාරය මෙහෙයවන්න යැයි හිටපු අමාත්‍ය චන්දිම විරක්කොඩි මහතා පවසයි.

අද (28) ගාල්ල හපුගල සිය නිවසේ පැවති මාධ්‍ය හමුවකදි හිටපු ඇමතිවරයා මේ බව සදහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“තෙල්මිල වැඩි කරන්න මිලසුත්‍ර ගැන කථා කරණවා. තෙල් සංස්ථාවේ දුෂණය නාස්තිය පසුගිය කාලයේ සිදුවුනේ නැත්නම් වැඩි කරන්න අවශ්‍ය නැහැ.මම ඇමති කාලයේ තෙල් සංස්තාව බිලියන 82යි ලාභය. අද ලාභය කියද කියලා දැන් ඉන්න ඇමතිගෙන් අහන්න. මේ මොහොත වන විට රටේ උද්ධමනය වේගයෙන් වැඩිවෙලා සියයට හතකින් වැඩිවෙලා. මිනිසුන්ට දරා ගන්න බැහැ. ගැස්මිල වැඩිවෙනවා කියලා කියන්නේ මිනිසුන්ගේ කරමත බරපටවන එක. රජයක් විදියට බහුතරයට ජනතාවාදි හා සුභසාධනවාදි වෙන්න ඕන. බහුතරයට දැනෙන බහුතරය තැලෙන තින්දු නොගත යුතුයි. ගැස් සම්බන්දව දිගු කාලින ගිවිසුම් තියෙන්න ඕන ගෑස් මිල අඩු කාලයට මෙරටට දිගු කාලින ගිවිසුමකට එළඹෙන්න පුළුවන්. අපි ඒ ගැන දුරදිග බලන්නේ නැතිව හිතන්නේ නැතිව කටයුතු කළවිට වෙන දේවල් තමයි මේවා රටකට බලශක්තිය ගැන වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ස්වාභාවික වායු උකහා ගැනිමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා තිබුණේ. නමුත් ඒ සියල්ල නතරවුනා. අපි ආරම්භ කරපුවා ඇයි නතරවුනේ කියලා හොයලා බලන්න. අද වනවිට ශ්‍රි.ල.නි.පක්ෂයේ හා සන්ධානයේ හතරෙන් තුනක් විපක්ෂයේ වාඩිවෙලා ඉන්නවා.”

“ තව කිහිප දෙනයි ඉතුරුවෙලා ඉන්නේ.ඒ කණ්ඩායමත් නුදුරු අනාගතයේ දිම අපිත් එක්ක එකතු වෙනවා. එජාපයට සම්බන්ද යටි උගුල් ක්‍රියාත්මක කරණ අතළොස්සක් හැරුණුවිට සියලු දේනාම එකතුවෙනවා. එජාපය ප්‍රතිසංවිධානය කරණ බව රනිල් වික්‍රමසිංහ මහත්තයා කිවා. ඉතා පැහැදිලියි එතුමාගේ පාසල් මිතුරන් හා ගැලපෙන මිතුරන් කිහිප දෙනෙකුට තනතුරු ලබාදිපු එජාපයක් නැවත නිර්මානය වුනා. ගමේ ජනතවගේ සිතුම් පැතුම් හදුනන ගමේන් පත්වු එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන්ට හා පාක්ෂිකයින්ට අද කිසිදු තැනක් නැහැ. ශ්‍රි.ල.නි.පක්ෂයේ පමණක් නෙවෙයි එජාප මන්ත්‍රිවරුනුත් රනිල් වික්‍රමසිංහ නැති මේ රටේ ප්‍රගතිශිලි ආණ්ඩුවක් බිහිකරන්න අපිත් එක්ක එකතුවන ලකුණු ප්‍රතිසංවිධාන ක්‍රියාවලියත් එක්ක පහලවි තියෙනවා. යහපලනය කියලා ශ්‍රි.ලනිපක්ෂය එකතුවුනා අපි බලාපොරොත්තු වුනේ යහපාලනයක් වේවි කියලා.”

“හොද දේවල් කිහිපයක්ද වුනා. ආණ්ඩුක්‍රම වි්‍යවස්ථා සංශෝධන සියල්ලට ශ්‍රි.ල.නි.පක්ෂයේ මන්ත්‍රිවරුන් සියලු දේනාම සහයෝගය දුන්නා. නමුත් වංචාව දුෂණය පවාදිම, දිනෙන් දින මේ පාලනය තුල රනිල් වික්‍රමසිංහ මහත්තයගේ නායකත්වයෙන් සිදුවුනා කියන එක මුළු රටම දන්නවා.අද රටටම රජය එපා වෙලා තියෙන්නේ මොන ගිවිසුම් ගැසුවාත් ජනතාව පිළිගන්න මට්ටමට ගෙන්න හැකියාවක් නැහැ. ඇත්තටම සමහරක් දේවල් ගැන අපට පසුතැවිමක් තියෙනවා. එමෙන්ම අපට සතුටක් තියෙනවා. රටට කරන්න හදපු විනාශය යම්තාක් දුරට අඩුකරන්න හැකිවුනේ අපි හිටපු හින්දා. බැදුම්කර වංචාව යට ගහන්න හදනවිට එක එළියට ගත්තේ අපි. රවිකරුණානායක අනවශ්‍ය විදියට බදුගහන්න හදන විට එක නතර කරගත්තේ අපි අපේ තෙල් ටැංකි ටින රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට දෙන්න උත්සාහ කරණවිට අපට බෙල්ල දෙන්න සිද්ධවුනා.”

“අපි 16 දෙනා තින්දුවක් ගත්තේ එකට ඉදගෙන විපක්ෂයේ කාර්යභාරය මෙහෙයවන්න.එජාපය හින දකිනවා.එය සැබැවෙන්නේ නැහැ. අපි 16 දෙනා අන්දුන් කුන්දුන් වෙච්චි දේශපාලනඥයින් නෙවෙයි. අපේ කණ්ඩායම එක එක්කෙනා කියන විදියට නටන්න හදන කණ්ඩායමක්වත් කරුණු තෙරුන් අරගෙන නැතිව තින්දු ගත්ත කණ්ඩායමක් නෙවෙයි. අපි වෙලාවට කරන්නම් ඒ සදහා සුදානම්වෙලා ඉන්න.ජනතාවට කියනවා පෙලගහැහිලා ඉන්න එ.ජ.නි.සන්ධානයේ 54යි අපි 16 දෙනයි තොන්ඩමන්ගේ දෙකයි ඊ.පි.ඩි.පි එකයි 73ක් දැන් විපක්ෂයට එකතුවෙලා ඉන්නේ අපේ කණ්ඩායම දැන් ශක්තිමක්. මේ ආණ්ඩුවට කරන්න බැහැ.2020 දි යු.එන් පි විරෝධි ප්‍රගතිශිලි ආණ්ඩුවක් බිහි කරණවා” යැයිද හිටපු ඇමතිවරයා කිවේය.

(ලලිත් චාමින්ද)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනාගේ ඉදිරි සැලැස්ම ගැන චන්දිම කියයි
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනාගේ ඉදිරි සැලැස්ම ගැන චන්දිම කියයි
http://am.lk/media/k2/items/cache/310a3cebc77379a86efb1710d3117852_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/16_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/16_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy