දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුව විසුරවීමට ජනාධිපති නීතිපති මතය විමසයි !
Homeප්‍රවෘත්ති

ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුව විසුරවීමට ජනාධිපති නීතිපති මතය විමසයි !

PropellerAds

එ ළැඹෙන ජූලි මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡාවක් ආරම්භ කර ඇත...

ඇමරිකාවේ ‘මිස් ශ්‍රී ලංකා’ රූ රැජිනන් ගුටි කෙලියක… (Video)
ශ‍්‍රී ලංකාවට සුපිරි ජයක්.. මෙන්ඩිස් සුපිරි ඉනිමක..
ඉන්දීය කලාකරුවන් සමග මෙරටදී දැවැන්ත සංගීත සංදර්ශනයක් – ඩයනා (VIDEO)
ළැඹෙන ජූලි මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තුනෙන් දෙකක යෝජනාවකින් සම්මත විය යුතු බැවින් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ සහාය ලබාගැනීමට සැලසුම් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු සමග සමීපව ඇසුරු කරනු ලබන එක්සත් ජාතික පක්ෂයේ දෙවැනි පෙළ නායකයකු සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී නිදහස් පක්ෂයේ ප්‍රබලයා එජාපයේ දෙවැනි පෙළ නායකයාට පවසා ඇත්තේ පළමුවෙන් ජනාධිපතිවරණයක් පවත්වා පසුව මහමැතිවරණයක් පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්ෂයට හිමිවන්නේ ආසන පනහකට ආසන්න ප්‍රමාණයක් බවයි.

මේ අවස්ථාවේ මහ මැතිවරණයකට ගියහොත් දැනට එජාපයට ලැබී ඇති මන්ත්‍රීධුර ප්‍රමාණයම ලබාගැනීමට හැකි බවද නිදහස් පක්ෂයේ ප්‍රබලයා සඳහන් කර ඇත.

එජාපය පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ යෝජනාවට සහාය ලබාදුනහොත් ඒකාබද්ධ විපක්ෂයේද, ජනතා විමුක්ති පෙරමුණේ සහාය ගෙන තුනෙන් දෙකේ සම්මතයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව ශ්‍රීලනිප ප්‍රබලයා එජාප දෙවැනි පෙළ නායකයාට පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් පැවත්වීමට සඳහා අනුමැතිය ගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීමේ හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නීතිපතිවරයාගෙන් අදහස් විමසා ඇති බව වාර්තා වේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන වසරේ මාර්තු මාසය තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකිය.

මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකාරක නීතිඥ නිෂාරා ජයරත්නගෙන් කළ විමසීමකදී පැවසුවේ එවැනි කාරණා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළ නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රිගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මෙහි තිබෙන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට ඡන්දයකට යා නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හත් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ප්‍රකාශ කර ඇති බවයි.

මහමැතිවරණයක් පැවැත්විය යුත්තේ පාර්ලිමේන්තුවට පනත් ඉදිරිපත් කර එය සංශෝධනය කිරීමෙන් පසුව බව ඔහු සඳහන් කළේය.

– aruna.lk


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුව විසුරවීමට ජනාධිපති නීතිපති මතය විමසයි !
ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුව විසුරවීමට ජනාධිපති නීතිපති මතය විමසයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFqIAD6_3EX8S0w_1iX-usPZI9EbKMy3t52JrlExSyeHcw7Ho53QQkkJoN8jvVrNHfS_Dt7JcCepr76th0wxfdl3CZJpkJj55T8t7M_9VfOh1FExUDmw-NzUGWzbyBzkEuJxT6wRwxZMx0/s320/Parliament.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFqIAD6_3EX8S0w_1iX-usPZI9EbKMy3t52JrlExSyeHcw7Ho53QQkkJoN8jvVrNHfS_Dt7JcCepr76th0wxfdl3CZJpkJj55T8t7M_9VfOh1FExUDmw-NzUGWzbyBzkEuJxT6wRwxZMx0/s72-c/Parliament.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_180.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_180.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy