දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහනුවර විනාශ වූ දේපලවලට කඩිනමින් වන්දි
Homeප්‍රවෘත්ති

මහනුවර විනාශ වූ දේපලවලට කඩිනමින් වන්දි

PropellerAds

මහනුවර පැවැති නොසන්සුන්කාරී වතාවරණයත් සමඟ සිදුවූ පහර දීම් වලින් හානි වූ පූජනීය ස්ථාන හා පෞද්ගලික දේපොළ වල වටිනාකම් තක්සේරු කිරීම සතියක් ඇත...

හොරු හොරු කියලා කෑ ගහන ඔක්කොම හොරු! අපි අලුත්ම ක්‍රමේකට හොරු අල්ලනවා! පොහොට්ටු මහලේකම් සාගරගෙ අලුත්ම එක!
ඡන්දෙ 9 වැනිදා තියන්නත් බෑ! ඇප මුදල් දැන්ම දෙන්නත් බෑ!
දැන් ගහන්නේ සාමාන්‍ය බද්දක් නෙමෙයි! ගලවා ගැනීමේ මෙහෙයුම් බද්දක්! බදු ගැන රනිල්‌ගේ අදහස මෙන්න
මහනුවර විනාශ වූ දේපලවලට කඩිනමින් වන්දි

මහනුවර පැවැති නොසන්සුන්කාරී වතාවරණයත් සමඟ සිදුවූ පහර දීම් වලින් හානි වූ පූජනීය ස්ථාන හා පෞද්ගලික දේපොළ වල වටිනාකම් තක්සේරු කිරීම සතියක් ඇතුළත නිම කර වන්දි ලබා දීම් කඩිනමින් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

තක්සේරු කිරීම් පිළිබඳ අවසන් වාර්තාව එළඹෙන සිකුරාදා හෝ ඊට පෙර බාර දෙන ලෙස දැනුම් දුන් අගමැතිවරයා ගැටුම් වලින් මියගිය තිදෙනාගේ පවුල් වලට මූලික පියවරක් ලෙස රුපියල් ලක්ෂය බැගින් වන්දි මුදල් අද (12 ) ලබා දෙන ලෙසද උපදෙස් දුන්නේය.

මියගිය අය එම පවුල් වල ආදායම් උපයන්නන් බැවින් ඔවුන්ගේ මරණ සමග එම පවුල් ඉතා අසරණ තත්ත්වයට පත්ව තිබෙන බවත් ඔවුන්ට මාසිකව ස්ථිර දීමනාවක් ලැබෙන වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව තිබෙන බවත් අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ඉදිරි සතියේ රැස්වන කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කර මෙම වන්දි මුදල වැඩි කර එක් පවුලකට රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් ලබා දීමට අපේක්ෂා කරන බවද ඒ මහතා කීය.

මහනුවර සිදුවූ පහරදීම් හේතුවෙන් විනාශ වූ දේපොළ වල වටිනාකම තක්සේරු කිරීම, මියගිය අයට වන්දි ගෙවීම් තීන්දු කිරීම, වන්දි ප්‍රදානය හා විනාශවූ ගොඩනැගලි ප්‍රතිසංස්කරණය ආදි කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති රැස්වීමකදී අගමැතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේය.

හානිවූ ව්‍යාපාරික ස්ථානයකට රුපියල් ලක්ෂයකද නිවාසයකට රුපියල් 50000.00 කද මූලික ගෙවීමක් කඩිනමින් ගෙවන ලෙස මෙහිදී අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම අවසානාවන්ත සිදුවීම් නිසා මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 05 ක පූජනීය ස්ථාන, නිවාස, ව්‍යාපාරික ස්ථාන හා වාහන 465 කට හානි සිදුව තිබෙන බවත් මේ අතර නිවාස පමණක් 232 ක් තිබෙන බවත් කී අගමැතිවරයා පූර්ණ, අර්ධ හා සුළු වශයෙන් හානිවල ස්වභාවය අනුව මේවා වර්ග කර තිබෙන බවද අවධාරණය කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පත් කෙරෙන කොමිසම් මගින් සිදුවන්නේ යම් යම් නිගමන ඉදිරිපත් කිරීම පමණක් බවත් ඒ නිසා වඩා වැදගත් වන්නේ අවුල්ව පවතින ජන ජීවිතය යළි කඩිනමින් යථා තත්ත්වයට ගෙන ඒම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම බවත් අගමැතිවරයා කීවේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහනුවර විනාශ වූ දේපලවලට කඩිනමින් වන්දි
මහනුවර විනාශ වූ දේපලවලට කඩිනමින් වන්දි
http://am.lk/media/k2/items/cache/1ef276359ce9191dcf546a2004c9e7d8_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_789.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_789.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy