දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හොරු හොරු කියලා කෑ ගහන ඔක්කොම හොරු! අපි අලුත්ම ක්‍රමේකට හොරු අල්ලනවා! පොහොට්ටු මහලේකම් සාගරගෙ අලුත්ම එක!
Homeප්‍රවෘත්ති

හොරු හොරු කියලා කෑ ගහන ඔක්කොම හොරු! අපි අලුත්ම ක්‍රමේකට හොරු අල්ලනවා! පොහොට්ටු මහලේකම් සාගරගෙ අලුත්ම එක!

PropellerAds

මේ රටේ නිදහසින් පසු හිටපු සියලු රාජ්‍ය නායකයින්ගේ සියලු දේපොළ පරීක්ෂා කළ හැකි, දේශීය හා විදේශීය කිසියම් දේපොළක් තිබේනම් ඒවා අත්පත් කරගත හැ...

පොහොට්ටුවේ දැන් අයිතිකාරයො වෙලා ඉන්නේ එක එක ගුබ්බෑයම්වල රිංගලා හිටපු අය... බලය තියෙන කොට ‌මොළේ නෑ... දැන් මුල මතකත් නෑ - ආණ්ඩුවට ඇතුළෙන්ම සැර ප්‍රහාරයක් (VIDEO)
අපිට තුනෙන් දෙක එපා! මම කලින්ම කිව්වා සිරිසේනට ගෑවුණු කෙනෙකුටවත් ජන්දෙ දෙන්න එපා කියලා! එයා ජාතික ආරක්ෂාවයි-රටයි-පක්ෂයයි තුනම විනාශ කළා!
‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් ශ‍්‍රී ලංකාවේත්?
මේ රටේ නිදහසින් පසු හිටපු සියලු රාජ්‍ය නායකයින්ගේ සියලු දේපොළ පරීක්ෂා කළ හැකි, දේශීය හා විදේශීය කිසියම් දේපොළක් තිබේනම් ඒවා අත්පත් කරගත හැකි ඔවුන්ට දඩුවම් පැමණිය හැකි විශේෂ නීති සම්පාදනය කරන්නයි පොහොට්ටුවේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් පවසනවා. ඒ සඳහා තමන් ජනාධිපතිවරයාට බලකර සිටින බව ඔහු පවසනවා. එවැනි දූෂණ විරෝධී නීති ගෙන ඒම සම්බන්ධයෙන් සම්පූර්ණ මූලිකත්වය ගෙන කටයුතු කරන පක්ෂයක් බවට තම පක්ෂය මෙතැන් සිට කටයුතු කරන බවයි මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පසුගිය දා පැවසුවේ.

“මේ රටේ පැවැති තිස්වසරක යුද්ධය නිමාකර මේ රටට නිදහස උදාකර රට දිනෙන් දින සංවර්ධනය කරපු රාජපක්ෂවරුන්ට විරුද්ධව වෙන කියන්න දෙයක් නොතිබූ නිසා මේ අය රාජපක්ෂවරු පරද්දවන්න 2015 දී ප්‍රධාන සටන්පාඨය ලෙස ගෙනාවේ රාජපක්ෂලා හොරකම් කළා කියන චෝදනාව. රටේ ජනතාවත් යම් ප්‍රමාණයක් මෙය විශ්වාස කරුවා. ඒ නිසා හොරකම් අල්ලන්න 2015 අනෙක් පැත්තට ඡන්දය දුන්නා. රාජපක්ෂවරු පරාජය කළා. ඒ ආපු රජය විවිධ නීතිඥ කණ්ඩායම් පිටරටවල පවා යවමින් ස්කොඩ්ලන්ඩ් යාර්ඩ්, CIA කියන ආයතන දෙකේම සහාය ලබාගත්තා. මේ රටේ පමණක් නොවෙයි ලෝකය පුරා විවිධාකාරයේ සෙවුම් බැලුම් කළා. ලංකාවේ සියලු ගිණුම් පරීක්ෂා කරළ බැලුවා. නමුත් අවසානයේ ඔප්පු වුණේ රාජපක්ෂලා කිසිම හොරකමක් කර නෑ කියන එක. අවසානයේ දී අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නඩු දැම්මා. ඒ දාපු නඩුවල චෝදනා වුණේ පළාත් පාලන ආයතනවලට ගැල්වනයිස් බට දුන්නා, සමෘද්ධි ජනතාවට ලිතක් බෙදුවා, සමෘද්ධිලාභීන්ට ඔවුන්ගේ මුදලින් නිවාසවල තීන්ත ගා ගැනීමට රුපියල් 15,000ක මුදලක් දුන්නා කියලා විතරයි. මේ වගේ සිල්ලර කාරණා කියලයි නඩු දැම්මේ. මේ සියලු නඩු වලින් එතුමා නිදොස් කොට නිදහස් වුණා. මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා පිට චෝදනා එල්ල කළා, හැබැයි චෝදනා ඔප්පු කරන්න තියා චෝදනාවක් ගේන්නවත් බැරිවුණා.

රට සංවර්ධනය කළ, රටට වැඩකළ නායකයින්ට හොරා කියලා ලේබලයක් අලවනවා. මේ ලේබලය ගේන්නේ ඇත්තටම හොරකම් කරපු අය. නැතිනම් මේ රටේ දේපල විනාශ කළ අය. බස් ගිනිතියපු, විදුලි ට්‍රාන්ස්පෝමර් පුපුරවපු අය. නැතිනම් හොරකම් කරපු අය. මේ අයගේ හෙළුව වසා ගැනීමට රට සංවර්ධනය කරපු නායකයින්ට හොරා කියන ලේබලය අලවනවා. ඒක අපේ රටේ අලුත් දෙයක් නොවෙයි. අනගාරික ධර්මපාලතුමාට පවා හොරා කියලා කිව්වා. එතුමා රට හැර ගියා. එතුමා අපවත්වූ පසු ජාතික වීරයෙක් ලෙස සලකනවා. ලෝකයේ නායකයෝ හිඟයි. අපේ පක්ෂයට, අපිට රට පාලනය කළ හැකි නායකයෝ ඉනවා. ඒක අපට ආඩම්බරයක්.

අපේ නායකයින්ට විරුද්ධව කරලියට ගේන හොරු කියන බොරු චෝදනාව නිසා අපි පක්ෂයක් හැටියට තීරණය කළා මේ රටේ නිදහසින් පසු සිටි සියලු රාජ්‍ය නායකයින්ගේ සියලු දේපල පරීක්ෂා කළ හැකි, දේශීය හා විදේශීය කිසියම් දේපලක් තිබේනම් ඒවා අත්පත් කරගත හැකි, ඔවුන්ට දඩුවම් පැමිණවිය හැකි විශේෂ නීති සම්පාදනය කිරීමක් කරන්න. අපි ජනාධිපතිවරයාට බලකර සිටිනවා ඒක කරන්න කියලා. ඒ සඳහා දූෂණ විරෝධී නීති ගෙනඒමට මූලිකත්වය ගෙන කටයුතු කරන පක්ෂයක් හැටියට අපි අද සිට කටයුතු කරනවා” යි සාගර කාරියවසම් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හොරු හොරු කියලා කෑ ගහන ඔක්කොම හොරු! අපි අලුත්ම ක්‍රමේකට හොරු අල්ලනවා! පොහොට්ටු මහලේකම් සාගරගෙ අලුත්ම එක!
හොරු හොරු කියලා කෑ ගහන ඔක්කොම හොරු! අපි අලුත්ම ක්‍රමේකට හොරු අල්ලනවා! පොහොට්ටු මහලේකම් සාගරගෙ අලුත්ම එක!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYKfL2gkyh8NCEosNxF72ftVWXQqkRumy3cXwAVF6lYlrj8B2zyE8kCCiAvg9-jSA9GWUy8SGxA_5_xbwuXNpBdtBUosLHUwoSt9fyia9acMMN8m2yYtikAiCtGLQNJGXyvkZXATYS70-uvIPbkclcLnCVQHmJriJ7Z5XYSl6F3ZgmET2YEgGGFg/w320-h172/sagara-kariyawasam.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYKfL2gkyh8NCEosNxF72ftVWXQqkRumy3cXwAVF6lYlrj8B2zyE8kCCiAvg9-jSA9GWUy8SGxA_5_xbwuXNpBdtBUosLHUwoSt9fyia9acMMN8m2yYtikAiCtGLQNJGXyvkZXATYS70-uvIPbkclcLnCVQHmJriJ7Z5XYSl6F3ZgmET2YEgGGFg/s72-w320-c-h172/sagara-kariyawasam.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/02/blog-post_92.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/02/blog-post_92.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy