දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දැන් ගහන්නේ සාමාන්‍ය බද්දක් නෙමෙයි! ගලවා ගැනීමේ මෙහෙයුම් බද්දක්! බදු ගැන රනිල්‌ගේ අදහස මෙන්න
Homeප්‍රවෘත්ති

දැන් ගහන්නේ සාමාන්‍ය බද්දක් නෙමෙයි! ගලවා ගැනීමේ මෙහෙයුම් බද්දක්! බදු ගැන රනිල්‌ගේ අදහස මෙන්න

PropellerAds

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අ...

ආයෝජන මණ්ඩලය වසා දැමිය යුතුයි – අධිකරණ ඇමති කියයි.
විද්වත් මතේ වැඩි බර ග්ලයිෆොසෙට් තහනමට !
යෝෂිතගේ කකුල ආයෙත් ලෙඩවෙලා !
වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

2023 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය ද සාමාන්‍ය අය වැයක් නොව, වැටී ඇති ආර්ථිකය ගොඩනැංවීමේ මෙහෙයුමක් බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (21) පස්වරුවේ කොළඹ කිංස්බරි හෝටලයේදී පැවති “2023 බදු සමුළුව” ආරම්භක දේශනය සිදු කරමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පමණක් බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඒ හැර වෙනත් කිසිදු ආයතනයක්, පක්ෂයක් හෝ පුද්ගලයෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා හෝ විකල්ප ඉදිරිපත් නොකළ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයට එළැඹි වහාම ඒ පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, එය සම්මත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා යම් පාර්ශ්වයක් එය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු බව ද කියා සිටියේය.

තවද මෙරට ප්‍රධාන ණය හිමියන් වන පැරිස් සමාජය, ඉන්දියාව සහ චීනය සමඟ වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තම මූල්‍ය සහාය දැක්වීමට මේ වන විට පැරිස් සමාජය සහතික වී ඇති බවයි. මෙහිදී ඉන්දියාව ද තමන්ටම ආවේණික ක්‍රමවේදයක් අනුගමනය කළ නමුත් චීනය තම ක්‍රමවේදය පිළිබඳව මෙතෙක් එකඟතාව පළ කර නොමැති බව ද ජනාධිපතිවරයා පැවසීය. කෙසේ වුවද එළැඹෙන 23 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් නගරයේ දී පැවැත්වෙන ජී- 20 රටවල මුදල් ඇමතිවරුන්ගේ සාකච්ඡාවේ දී ඔවුන්ගේ ස්ථාවරත්වය දැනුම් දෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

“2023 බදු සමුළුව” ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය විසින් සංවිධානය කර තිබූ අතර, බදු ප්‍රතිපත්තිය පිළිබඳ විද්වත් සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල, ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ සභාපති කෙන් විජයකුමාර්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති (බදුකරණ පීඨය)ටිෂාන් සුබසිංහ සහ බදු ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර කටයුතු නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එන්. එම්. එම්. මිෆ්ලි යන මහත්වරු සහභාගී වූහ.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.


ජනාධිපති මාධ්‍ය අංශය
2023-02-21


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දැන් ගහන්නේ සාමාන්‍ය බද්දක් නෙමෙයි! ගලවා ගැනීමේ මෙහෙයුම් බද්දක්! බදු ගැන රනිල්‌ගේ අදහස මෙන්න
දැන් ගහන්නේ සාමාන්‍ය බද්දක් නෙමෙයි! ගලවා ගැනීමේ මෙහෙයුම් බද්දක්! බදු ගැන රනිල්‌ගේ අදහස මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6AQ12eDpSL3g3cIBGj0PpOky10w1SVQMDHrVvu7UBZwRd1jGRaCWglyW8G1HV-pUb1nXEmivu42Px0jZGx3MHdg1gscEFHxdELFoa2v-7CXB8S6Ji5T22r1iP-m7cbhl99N63oi224WrN5WZ3KuQafQFlvGwJLqlaqjVcf0SpfBcGdN7CN9bMKw/w320-h170/RANIL3-750x375.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6AQ12eDpSL3g3cIBGj0PpOky10w1SVQMDHrVvu7UBZwRd1jGRaCWglyW8G1HV-pUb1nXEmivu42Px0jZGx3MHdg1gscEFHxdELFoa2v-7CXB8S6Ji5T22r1iP-m7cbhl99N63oi224WrN5WZ3KuQafQFlvGwJLqlaqjVcf0SpfBcGdN7CN9bMKw/s72-w320-c-h170/RANIL3-750x375.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/02/blog-post_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/02/blog-post_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy