පොලීසිය විසින් භාවිතයට ගෙන තිබෙන යාපනය ඇතුළු උතුරු පළාතේ රජයේ ගොඩනැගිලි, පාසල් හා මහජනයාට අයත් නිවාස හැකි ඉක්මනින් නිදහස් කොට ඒවා අයත් පිර...
පොලීසිය විසින් භාවිතයට ගෙන තිබෙන යාපනය ඇතුළු උතුරු පළාතේ රජයේ ගොඩනැගිලි, පාසල් හා මහජනයාට අයත් නිවාස හැකි ඉක්මනින් නිදහස් කොට ඒවා අයත් පිරිසට ලබා දීමට පියවර ගන්නා මෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කොට තිබේ.
ප්‍රධාන අමාත්‍යවරයා මෙම ඉල්ලීම කොට ඇත්තේ උතුරු පළාත් සභා ශ්‍රවණාගාරයේදී යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවේදීය.
උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සියළුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මේ සාකච්ඡාවට සහභාගී වී තිබේ.
යුද හමුදාව විසින් කාලයක්ම භාවිත කල යාපනයේ කන්කසන්තුරේ නඩේස්වරා විද්‍යාලයේ ගොඩනැගිලි හා ළිං මේ වන විට බාරදී ඇති බව ප්‍රකාශ කොට ඇති ප්‍රධාන අමාත්‍යවරයා තවත් රජයේ ගොඩනැගිලි ඇතුළු මහජනතාවට අයත් නිවාස ආරක්ෂක අංශ විසින් භාවිත කරණ බව පෙන්වා දී තිබේ.
උතුරේ නීතිය හා සාමය ඉතා හොදින් පවත්වාගෙන යාමට පොලීසිය දක්වන උන්නදුව මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයා වීස්න් ඇගයීමට ලක්කොට ඇති අතර දිවයිනේ සෙසු පළාත්වලට වඩා උතුරු පළාතේ සිදු කිරීමට ඇති පොලිස් රාජකාරී ඉතා විශාල බවද පවසා ඇත.
උතුරේ සියළුම දේශපාලනඥයින්ගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන්ද විශාල මෙහෙයක් ඉටුකරණ බව ප්‍රකාශ කොට ඇති සී.වී.විග්නේස්වරන් ප්‍රධාන අමාත්‍යවරයා එම නිලධාරීන්ගෙන් බහුතරය සිංහල නිලධාරීන් බවද පවසා ඇත.
(දිනසේන රතුගමගේ)
COMMENTS