ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ප්රනාන්දු මහතා ඊයේ (10) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ. පසුගිය කාලයේ රෝගාතුරවී සිට ඇති ඒ මහතා මියයන විට 75 වන...
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ප්රනාන්දු මහතා ඊයේ (10) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.
පසුගිය කාලයේ රෝගාතුරවී සිට ඇති ඒ මහතා මියයන විට 75 වන වියේ පසුවිය.
1967 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධ වූ ඒ මහතා එහි වාර්තාකරුවකු, වැඩසටහන් නිෂ්පාදකයෙකු මෙන්ම නිවේදකයෙකු ද විය.
ඉන්පසු 1984 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සමු දුන් එල්මෝ ප්රනාන්දු මහතා පිලිපීන කතෝලික ගුවන් විදුලි සේවයකට සම්බන්ධ විය.
1994 දී බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය (BBC) හා සම්බන්ධ වූ ඒ මහතා වසර 20ක් පමණ එහි කොළඹ වාර්තාකරු ලෙස කටයුතු කළේය.
ඔහු තරුණ ජනාධ්‍යවේදීන් සමග සිය අත්දැකීම් බෙදාහදා ගනිමින් ඔවුන්ට නිරන්තරයෙන් මගපෙන්වීම් කළ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකි.
ඒ මහතාගේ දේශය පිළිබද අවසන් කටයුතු අද (11) පස්වරු 4.00 ට පැලවත්ත රෝමානු කතෝලික දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
COMMENTS