හැටන් ප්‍රදේශයේ දැරියක් තම නිවස අසල තිබූ තාප්පයක් ඇඟට පෙරලීමෙන් එම ස්ථානයේදීම මියගොස් තිබේ. ඊයේ (10) රාත්‍රියේ සිදුව ඇති මෙම අනතුරින් ජීව...
හැටන් ප්‍රදේශයේ දැරියක් තම නිවස අසල තිබූ තාප්පයක් ඇඟට පෙරලීමෙන් එම ස්ථානයේදීම මියගොස් තිබේ.
ඊයේ (10) රාත්‍රියේ සිදුව ඇති මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු එක හමාරක් වන හැටන් ස්ටැඩන් වතුයායේ පදිංචි වයි. ලක්මිතා නමැති දැරියයි.
ඇය තම සොහොයුරිය සමඟ සෙල්ලම් කරමින් සිටියදී නිවස අසල තිබු තාප්පය සමග අඩි 05ක් පමණ බැවුමකට පෙරලී ගොස් ඇති අතර එම තාප්පයේ බැද තිබු සිමෙන්ති ගල් ඇගේ ශරීරය මතට වැටීමෙන් මියගොස් තිබේ.
මෙම දැරියගේ මව සහ පියා රැකියාවන් සදහා විදේශ ගතවී ඇති අතර ඇය සිය මිත්තනිය භාරයේ සිටි බව පොලිසිය ප්‍රකාශ කරයි.
මියගිය දැරියගේ සිරුර පශ්චාත් මරණ පරික්‍ෂණය සදහා වටවල රෝහලේ මෘත ශරීරාගාරය තැන්පත් කර ඇති අතර අනතුර පිළිබද හැටන් පොලිසිය පරික්‍ෂණ මෙහෙයවයි.
ඡායාරූප පහතින්.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS