සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් උතුරු හා නැගෙනහිර පළාත් වලින් අයැදුම්පත් 15000ක් පමණ ලැබී ඇතත් මේ වන විට රජයේ ප්‍රති...
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් උතුරු හා නැගෙනහිර පළාත් වලින් අයැදුම්පත් 15000ක් පමණ ලැබී ඇතත් මේ වන විට රජයේ ප්‍රතිපත්ති තීරණයකට අනුව එම බඳවා ගැනීම් නතර කර ඇතැයි කිලිනොච්චිය මුලතිව් ඒකාබද්ධ මුලස්ථානයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.රත්නප්‍රිය බන්දු මහතා පැවසීය.
ඉකුත්දා කිලිනොච්චිය මුලතිව් දිස්ත්‍රික්කවල සිදු කළ සංචාරයකදී ලුතිනල් කර්නල්වරයා ඒකාබද්ධ අණදෙන මුලස්ථානයේදී පැවති සාකච්ජාවේදී මේ බව අනාවරණ කළේය.
එම අයැදුම්පත් එවා ඇති පුද්ගලයන් අතර පුනරුත්තාපනය කළ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් හා උතුරු නැගෙනහිර පළාත් වල දෙමළ තරුණයන් වන බව ද ඒ මහතා කීය.
2018 වසරේ දී පුනරුත්ථාපනය වූ ප්‍රබල එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 800ක් ඇතුළු 3500ක් පමණ ද්‍රවිඩ තරුණ තරුණියන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගත් අතර ඔවුන් මේ වන විට උතුරේ කෘෂි ගොවිපළවල සේවය කරමින් රටේ සංවර්ධන ක්‍රියාදාමයට ප්‍රබල දායකත්වයක් ලබා දෙන බවද හෙතෙම සඳහන් කළේය.
කොටි නායක ප්‍රභාකරන්ගේ සමීපතම සේවකයන්, ප්‍රාදේශීය නායකයන්, බුද්ධි අංශ සාමාජිකයන්, ප්‍රභාකරන්ගේ අත්උදව්කරුවන් සහ කොටි නායක නායිකාවන් ඇතුළු විශේෂ පිරිසක් ද ඒ අතර සිටිති.
COMMENTS