මැතිවරණ සමයේ සිදුවිය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා අවම කර ගැනීමට පොලීසිය යොදවන ආකාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසමේ දී ඊ...
මැතිවරණ සමයේ සිදුවිය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා අවම කර ගැනීමට පොලීසිය යොදවන ආකාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසමේ දී ඊයේ (22) පෙරවරුවේ පැවැත්විණි.
මෙම සාකච්ඡාව සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්වතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු, පරිපාලන හා මැතිවරණ ඇතුළු ඉහළ පොලිස් නිලධාරිහු සහභාගී වී සිටි බව වාර්තා වේ.
මේ අතර පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි 14ක් මේ වන විට ලැබී ඇත.
පොලිස් මුලස්ථානය සඳහන් කළේ පෙරේදා (21) දිනය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 05ක් වාර්තා වී ඇති බවයි. ඒ අනුව නිකවැරටිය, කහවත්ත, කොබෙයිගනේ සහ අඹන්පොල යන ප්‍රදේශවලින් එම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වාර්තා වි ඇති බව සඳහන් වේ.
එම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වෙ.
එමෙන්ම දඹුල්ල, ගල්කිරියාගම, දඹුලුහල්මිල්ල වැව ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් ගමන් ගත් වාහන පෙළපාලියකට නාදුනන පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇත. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වන විට දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ගල්කිරියාගම පොලීසිය සඳහන් කළේය.
COMMENTS