දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජ්‍ය සේවකයන්ට ප්‍රසාද දීමනාවක්
Homeප්‍රවෘත්ති

රාජ්‍ය සේවකයන්ට ප්‍රසාද දීමනාවක්

PropellerAds

2017 වර්ෂය සඳහා රාජ්‍ය සංස්ථා සහ සම්පූර්ණයෙන් ම රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලවලට ප්‍රසාද දීමනා ගෙවීම කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර ඇති පරිද...

මුදල් ඇමති ලැබෙනවා කියූ ඩොලර් මිලියන 450 බොරුවක්.. පාස්කු බෝම්බ පෙන්නා ඇමරිකාව රටේම ඉඩම් ටිකට කෙලින මහ උගුලත් අටවයි
කිරිඇල්ලගේ මාධ්‍ය ඒකකයේ මඩ ලිපි ජනපතිගේ වැඩපිළිවෙළ ගැන භික්‌ෂුන් වහන්සේගේ ගෞරවය බිඳ දමන්න කළ වැඩක්‌ - දයාසිරි
චෝදනාවලට උත්තර දෙන්න පූජිත්-හේමසිරි උසාවියේ නෑ... නීතිඥයකුත් පෙනී සිටියේ නෑ... නීතිපති දෙපාර්තමේන්තුවත් බෑ කියයි !
රාජ්‍ය සේවකයන්ට ප්‍රසාද දීමනාවක්

2017 වර්ෂය සඳහා රාජ්‍ය සංස්ථා සහ සම්පූර්ණයෙන් ම රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලවලට ප්‍රසාද දීමනා ගෙවීම කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර ඇති පරිදි රුපියල් 15,000ක උපරිමයකට සහ රුපියල් 3,000ක අවමයකට යටත් ව කාණ්ඩ හතරක් යටතේ රාජ්‍ය ව්‍යවසායකයන්ගේ සේවකයන් හට මෙම ප්‍රසාද දීමනා හිමි වෙයි. ඒ පිළිබඳ චක්‍රලේඛයක් භාණ්ඩාගාරය විසින් 2017 දෙසැම්බර් මස 11 වැනි දින නිකුත් කරන ලදී.

පෙර වර්ෂයේ අලාභදායි තත්ත්වයන් වළක්වා මෙම වර්ෂය තුළ දී ලාභය උපයා ගෙන ඇති දිරි දීමනා ගෙවනු නොලබන ආයතනවල සේවකයන් වෙනුවෙන් රුපියල් 15,000ක් ප්‍රසාද දීමනා ලෙස ගෙවිය හැකිය. 

පෙර වර්ෂයේ පැවැති අලාභදායි තත්ත්වය මෙම වර්ෂය තුළ දී ලාභදායී තත්ත්වයට පත් කරගෙන ඇති දිරි දීමනා ගෙවා ඇති ආයතනවල සේවකයන් වෙනුවෙන් රුපියල් 13,500ක ප්‍රසාද දීමනාවක් අනුමත කර ඇත. 

අදාළ වර්ෂය තුළ අලාභදායී තත්ත්වයක් වාර්තා කළ ද පෙර වර්ෂයට සාපේක්ෂව අලාභය අවම කරගෙන ඇති ආයතනවල සේවකයන් වෙත මෙතෙක් ගෙවූ රුපියල් 3,000 ප්‍රසාද දීමනාව රුපියල් 5,000ක් දක්වා වැඩි කර ගෙවීමට අනුමැතිය ලබා දී තිබේ.

අදාළ වර්ෂය තුළ අලාභදායී තත්ත්වයක් වාර්තා කර එම අලාභය පෙර වර්ෂයට වඩා අඩු කර ගැනීමට නොහැකි වූ ආයතනවල සේවකයන් වෙනුවෙන් රුපියල් 3,000ක ප්‍රසාද දීමනා හිමි වෙයි.

කෙසේ වෙතත් සාමූහික ගිවිසුම් මගින් හෝ ඒ හා සමාන අවබෝධතා ගිවිසුම් මගින් හෝ වැටුප් හා දීමනා ක්‍රියාත්මක වන රාජ්‍ය සංස්ථා සහ සම්පූර්ණයෙන් ම රජය සතු සමාගම්වලට මෙම විධි විධාන අදාළ නොවේ. එවැනි ආයතනවල සේවය කරන කාර්ය මණ්ඩලවලට වර්තමානයේ මසක හෝ මාස දෙකක වැටුපට සමාන මුදලක් ප්‍රසාද දීමනා වශයෙන් ගෙවනු ලැබේ.

කෙසේ වුවද මෙම ප්‍රසාද දීමනා ගෙවීමට පෙරාතුව අදාළ රාජ්‍ය සංස්ථා සහ රජය සතු සමාගම්වලින් මේ සඳහා මහා භාණ්ඩාගාරයේ එකඟතාව ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජ්‍ය සේවකයන්ට ප්‍රසාද දීමනාවක්
රාජ්‍ය සේවකයන්ට ප්‍රසාද දීමනාවක්
http://ift.tt/2BGjUMa
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_907.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_907.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy