එළඹෙන අලුත් අවුරුද්ද, නත්තල් සමය හා පාසල් නිවාඩු සමය හේතුවෙන් ඊයේ (22) සිට ජනවාරි 07දා දක්වා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධ...
එළඹෙන අලුත් අවුරුද්ද, නත්තල් සමය හා පාසල් නිවාඩු සමය හේතුවෙන් ඊයේ (22) සිට ජනවාරි 07දා දක්වා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනයට යොදවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පැවසීය.
ඒ අනුව 22, 24, 26, 28, සහ ජනවාරි 2, 4, 6 යන දිනවලින් පෙරවරු 7.03ට කොළඹ කොටුවෙන් පිටත්ව යන දුම්රිය පස්වරු 5.39ට බදුල්ලට ළඟා වීමට කටයුතු යොදා ඇත.
එමෙන් ම 23, 25, 27, 29 සහ ජනවාරි 03, 05, 07 යන දිනවල දී පෙරවරු 7.15ට බදුල්ලෙන් ගමන් ආරම්භ කරන දුම්රිය පස්වරු 6.12ට කොළඹ කොටුව වෙත ළඟා වීමට ද කටයුතු යොදා ඇත.
මෙම විශේෂ දුම්රිය නැරඹුම් මැදිරියකින්, දෙවන පන්තියේ මැදිරි දෙකකින් හා තුන්වැනි පන්තියේ මැදිරි දෙකකින් යුක්ත වේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතාගේ උපදෙස් හා ජනතාවගේ ඉල්ලීම පරිදි මෙලෙස සාමාන්‍ය දිනවල දී ධාවනය වන දුම්රියන්ට අමතරව විශේෂ දුම්රියක් ධාවනයට යොදවා ඇත.
COMMENTS