රටේ ආර්ථික ස්ථාවරත්වය සිදු කර අවසන් බැවින් දෙස් විදෙස් ආයෝජන ලබා ගෙන රටේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ම...
රටේ ආර්ථික ස්ථාවරත්වය සිදු කර අවසන් බැවින් දෙස් විදෙස් ආයෝජන ලබා ගෙන රටේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවති දිසාපතිවරුන්ගේ සමුළුව අමතමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අපි විශාල සංවර්ධන වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. එක පැත්තකින් නොපෙනෙන වැඩසටහනක්. ආර්ථිකය ස්ථාවරභාවයක් ඇති කරලා ණය ගෙවන්න පුළුවන්, අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයක් ඇති කළා. ඒ නොදකින පැත්ත. අනික් අතින් අපි සංවර්ධන ආරම්භ කරගෙන යනවා. විශේෂයෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා නුවර ඉදන් හම්බන්තොටට අපි බලන්නේ විශාල දියුණුවක් ඇති කරන්න. කර්මාන්ත ගෙනෙන්න, සංචාර ව්‍යාපාර ගෙන එන්න. එතන මූලික වැඩ කටයුතු ආරම්භ කරන්න. ආර්ථිකය ස්ථාවර කිරීමේ වැඩසටහන් අවසන් නිසා අපිට දැන් විදේශ ආයෝජන ලබා ගෙන මේ සංවර්ධන වැඩසටහන ඉදිරියට ගෙන යන්න. ඒකෙ ප්‍රමාදත් තියෙනවා. ආයෝජකයන්ගෙන් ඇහුවොත්, අපේ ව්‍යාපාරිකයන්ගෙන් ඇහුවොත් අනුමතය ලබා ගන්න සමහරවිට මාස ගණන් යනවා. දිස්ත්‍රික්ක මට්ටමින් අනුමැතිය අපිට කෙටි කාලෙකින් ලබා දෙන්න පුළුවන්. මම ඔබතුමන්ලාගේ වැඩ වැඩි කරනවා. වැඩ වැඩි කරන්නේ රැකියා බිහි කරලා හොද අනාගතයක් ලබලා දෙන්න.”
COMMENTS