අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ගෙන තිබූ තීරණය අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල ...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ගෙන තිබූ තීරණය අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරයා මෙම තීරණය ගැනීමට කටයුතු කර ඇත්තේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයින්ගෙන් ලද උපදෙස් අනුවයි.
19 වැනි සංශෝධනය යටතේ අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත පළවී තිබූ අතර එම සංශෝධනයේ 46 වැනි පරිච්ඡේදයට අදාළ වගන්ති සම්බන්ධයෙන් ජනාධිපති උපදේශකවරුන්ගේ දැඩි අවධානය යොමුවී තිබේ.
ඒ අනුව විවිධ මත පළවීම් නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීම අත්හිටුවීමට කටයුතු කරන ලෙස ජ්‍යෙෂ්ඨ උපදේශකයින් දුන් උපදෙස් අනුව ශ්‍රේෂ්ඨාධිකරණ මතය නොවිමසීමට තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග පැවසී ය.
කෙසේ වෙතත් පසුගියදා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේ පවතින යහපාලන රජයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා නිදහස් සන්ධානය තීරණය කළ බවයි.
ඒ අනුව නව අගමැතිවරයෙකු පත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා බැලීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
COMMENTS