දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැති හදිසියේම එජාප ප්‍රබලයින් කැඳවයි - එජාපයට අලුත් නායකත්වයක් (VIDEO)
Homeප්‍රවෘත්ති

අගමැති හදිසියේම එජාප ප්‍රබලයින් කැඳවයි - එජාපයට අලුත් නායකත්වයක් (VIDEO)

PropellerAds

එක්සත් ජාතික පක්ෂයේ අපි කැප වී අලුත් නායක පරපුරක් බිහි කරන බවත් ආණ්ඩුව ගෙන ගිය වැඩපිලිවෙල කෙරෙහි ජනතා ප්‍රසාදයක් නොමැති බවට පළාත් පාලන මැත...

තම අපේක්ෂාව සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක වන පොලිස් සේවාවක් බව ජනපති පවසයි
ලාල්කාන්ත නිසා ජවිපෙ ගැටෙයි
"බහුතරයක් නැති නිසා අයවැය ජයගැනීම අභියෝගයක්" - මරික්කාර්
අගමැති හදිසියේම එජාප ප්‍රබලයින් කැඳවයි - එජාපයට අලුත් නායකත්වයක් (VIDEO)

එක්සත් ජාතික පක්ෂයේ අපි කැප වී අලුත් නායක පරපුරක් බිහි කරන බවත් ආණ්ඩුව ගෙන ගිය වැඩපිලිවෙල කෙරෙහි ජනතා ප්‍රසාදයක් නොමැති බවට පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලින් නිරූපනය වූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ අද (23) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදි පැවැත්වුනේ එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද එක්ව සිටියේය.

පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ගෙන ගිය වැඩසටහන ගැන ජනතාව වගකිමක් නොදැක්වු බව ද වැටහුණු බවත් මෙවර මැතිවරණයේ ප්‍රතිඵල තමන් පිළිගත් බවත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුවක් ලෙස ජනතාවගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් ඉටු කරන්න බැරි වුණා කියලා පිළිගන්නා බව ද අගමැතිවරයා මෙහිදී කියා සිටියේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“පළාත් පාලන ඡන්දයේදී අපි ගෙනියන වැඩසටහන ගැන සම්පුර්ණයෙන්ම ජනතාව කැමැත්තක් නැති බව පෙනුණා. වෙන රටවල්වල මෙහෙම ඡන්ද පවත්වන්නේ ජනතා මතය දැන ගන්න. රටවල් ගණනාවක තමන්ගේ කාලය මැදදී ඡන්ද පවත්වනවා. ඒ ඡන්දයේ ප්‍රතිඵල අනුව තමන්ට තේරෙනවා ජනතාව සහයෝගය දෙනවද තමන්ගේ ප්‍රතිපත්ති වලට විරුද්ධද එකඟද කියලා.  ඒ නිසා මේ ලැබූ ප්‍රතිඵලය අපි පිලි අරගෙන තියෙනවා. ආණ්ඩුවක් හැටියට ජනතාවගේ බලාපොරොත්තු සම්පුර්ණයෙන්ම ඉෂ්ඨ බැරි වුණ බව අප පිළිගන්නවා. එක්සත් ජාතික පක්ෂයේ අපි කැපවෙලා ඉන්නවා අලුත් නායක පරපුරක් බිහි කරන්න. ඒ නායක පරපුර ඇමතිවරු අතරත් ඉන්නවා, පාර්ලිමේන්තු කණ්ඩායමෙත් ඉන්නවා, පළාත් සභා කණ්ඩායමෙත් ඉන්නවා, පක්ෂයෙත් ඉන්නවා.”

එම වීඩියෝව පහතින්, 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැති හදිසියේම එජාප ප්‍රබලයින් කැඳවයි - එජාපයට අලුත් නායකත්වයක් (VIDEO)
අගමැති හදිසියේම එජාප ප්‍රබලයින් කැඳවයි - එජාපයට අලුත් නායකත්වයක් (VIDEO)
http://am.lk/media/k2/items/cache/c760f6ff3713ed85e79c9a5f9cd3f9d9_S.jpg
https://i.ytimg.com/vi/4gnM9Aa-0xg/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/video_47.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/video_47.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy