කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වෙඩි තැබීමකින් ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු මියගොස් ති...
කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වෙඩි තැබීමකින් ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු මියගොස් තිබේ.
ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදු කිරීමට ගිය අවස්ථාවේදී වෑන් රථයකින් ගමන් කරමින් සිටි මෙම පාතාල කල්ලි සාමාජිකයා ඇතුළු පිරිස පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.
එහිදී විශේෂ කාර්ය බලකාය සිදු කළ වෙඩි තැබීමෙන් ඩී. මංජු නැමැත්තාට වෙඩි වැදී තිබේ.
තුවාල ලැබු ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු බවට සැලකෙන මෙම ඩී. මංජු නැමැත්තා රෝහල් ගත කිරීමේදී මියගිය බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පැවසුවේය.
මෙම සිද්ධියේදී තවත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්ය.
COMMENTS