පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු කණ්ඩායමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡාවක නිරත ව...
පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු කණ්ඩායමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡාවක නිරත වී ඇතැයි වාර්තාවේ.
එහිදී රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම්, සජිත් ප්‍රේමදාස,ගයන්ත කරුණාතිලක, මංගල සමරවීර ඇතුළු ඇමැතිවරුන් පිරිසක් මෙලෙස ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත වී තිබේ.
විශේෂයෙන් එම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇත්තේ රටේ වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳවය.
ඒ අනුව ඉදිරි කාලයේදී ආණ්ඩුව කටයුතු කළ යුතු ආකාරයත්, ආණ්ඩුව ගත් ඇතැම් තීන්දු තීරණ වල වෙනස්කම් සිදු කිරීම ගැනත් සාකච්ඡා කර තිබේ.
COMMENTS