දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති සාගල ඉල්ලා අස්විය යුතුයි, පොලිස්පතිට තව අවස්ථාවක් - ජනපති උපදේශක (VIDEO)
Homeප්‍රවෘත්ති

ඇමති සාගල ඉල්ලා අස්විය යුතුයි, පොලිස්පතිට තව අවස්ථාවක් - ජනපති උපදේශක (VIDEO)

PropellerAds

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දුරකථන ඇමතුම ලබාදුන්නේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා බවට අනුමානයක්   ඇති බවත්  ඔහු එසේ කර...

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට අධිකාරියක් - පාසල්වලට “සුජාත දරුවෝ” වැඩසටහන එයි
ගෝඨාගේ නඩුව මාර්තු 15 යළි කැඳවයි
පෙළපොතට හා නිල ඇඳුම් වවුචරයට ඡායාරූප දාපු නිසා ලක්ෂ 340ක පාඩුවක්
ඇමති සාගල ඉල්ලා අස්විය යුතුයි, පොලිස්පතිට තව අවස්ථාවක් - ජනපති උපදේශක (VIDEO)

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දුරකථන ඇමතුම ලබාදුන්නේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා බවට අනුමානයක්  ඇති බවත් ඔහු එසේ කරානම් අනිවාර්යෙන් ඔහු ඉල්ලා අස්විය යුතු බවත් ජනාධිපති උපදේශක නීතීඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි. 

කෙසේවෙතත් පොලිස්පතිවරයාට වැරැද්ද නිවැරදි කර ගැනීමට දැනටමත් අවස්ථාවක් තිබෙන බවත් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නවද නැද්ද තීරණය මත ඔහුගේ අනාගතයත් තීරණය වන බවත් ලක්තිලක මහතා සඳහන් කළේය. 

පොලිස්පති වරයට ආ දුරකථන ඇමතුම පිළිබද මේවන විට මුළු සමාජයම කතාවට ලක් වී ඇත. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුල සිටියදීම පොලිස්පතිවරයාගේ දුරකථන ඇමතුම සම්බන්දව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකුගෙන් පිළිතුරු විමසූවිට සභාවේ සිටි ජනාධිපතිවරයා ඊට පිළිතුරු දෙමින් කියාසිටියේ පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය වැරදි බවත් එය පිළිබද විමර්ශනය කරන බවත්ය. 

මෙම සියලු සිදුවීම් පිළිබඳ ජනාධිපති උපදේශක, නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සමග අද පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහතින්, 

ප්‍රශ්නය - ශිරාල් ලක්තිලක මහතා අපිට සතුටක් නෑ යහපාලනය ගැන නීතියේ  සමානාත්මතාවය ගැන පොලිස්පතිවරයා නීතිය නවනවනන් පොඩිමිනිහට කවර කතාද?

පිළිතුර - ඔව් ඊයේ වෙනකොට පොරොන්දු ගැන කනස්සල්ලක් දකින්න ලැබුනේ නීතිය නවන පොලිස්පතිවරයා දුරකථන ඇමතුමක් ලැබුන තවත් දුෂිතයන්ව නිදහස්කරන්න. මෙය ඉතා භායානක තත්වයක් ඒ නිසා යහපාලනයට ගෙන්න කටයුතු කරපු අය නෙමේ අද තීන්දු තීරණ ගන්නේ. මෙයට ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරියට පැමිණියේ ජනාධිපතිතුමා සහ ඇමතිවරු කිහිපදෙනෙක් හිටියා. සමාජ ක්‍රියාකාරකයින් ගොඩක් පිරිසක් හිටියා. මේ යන්නේ රාජපක්ෂවරු බලයට ගෙනල්ලා ඒ සියලු දෙනාගේ ජිවිත අනතුරේ දාන්න. කතාව දැන් පැහැදිලියි හොරුන් රකින ඩීල් තියෙන්නේ කා එක්කද කියලා.  

ප්‍රශ්නය - පාර්ලිමේන්තුවේ කතා වෙච්ච විදිහට මේ දිශාන් ගුණසේකර නම් ඔහු රාජපක්ෂවරුන්ගේ නෑයෙක්. නීතිය ඔහුට ක්‍රියාත්මක වන්නේ එසේනම් තෝරු මෝරු ගැන කවර කතාද?

පිළිතුර - මේ පිටිපස්සෙන් ඇවිල්ලා පිහියෙන් ඇනීමක්. අපිට දැන් පැහැදිලියි කාගේ වුවමනාවට කවුරු වෙනුවෙන් කාවද නිදහස් කරන්න යන්නේ කියලා. අපි ස්තුතිවන්ත වෙනවා පොලිස්පතිතුමාට තිරය පිටුපස නාට්‍යය මේ විදිහට ඉදිරිපත් කරාට. රටටම පැහැදිලියි කවුද මේවා කරන්නේ කියලා. 

ප්‍රශ්නය - ඔබ හිතන්නේ කවුද පොලිස්පතිවරයාට ඇමතුම දුන්නේ?

පිළිතුර - අනුමානය කල හැකියි ඒ නීතිය හා සාමය පිළිබද ඇමතිවරයා. පොලිස්පතිවරයා සර් කියනවා ඊට පස්සේ ඉංග්‍රීසියෙන් කතා කරනවා. නිලමේ ගැනද කියලා අහනවා. මෙහෙම ඉංග්‍රීසියෙන් කතා කරන අතලොස්සක් ඉන්නේ. අපට අනුමාන කරන්න පුළුවන් මේ නීතිය සහ සාමය පිළිබද ඇමතිවරයා. 

ප්‍රශ්නය - යහපාලනය ගැන ඔබට දැන් සතුටුද?

පිළිතුර - යහපාලනය ගෙනාපු අය නෙමේ දැන් මෙතන ඉන්නේ. ඒ අය හොරු එක්ක ඩීල් දානවා හම්බකරනවා. ඒ අයට යහපාලනය ගැන හැගීමක් නෑ. 

ප්‍රශ්නය - ඒ කියන්නේ හොරු අල්ලන්නේ නෑ කියලා හිත හදාගන්නද කියන්නේ?

පිළිතුර - අපි එහෙම කියන්නේ නෑ. අපි ඉන්නේ ඒ දේ කොහොමත් කරන්න. දැන් රටට පැහැදිලියි මේවා සිදු නොවෙන්න ඩීල් දාන්නේ කවුද ඩීල් කාරයෝ කවුද කියල. දැන් අපිට ලේසියි දේශපාලනිකව තීන්දුවක් අරන් මේ අයව පරාජය කරලා දාන්න.

ප්‍රශ්නය - ඔබතුමා හිතන විදිහට කවුද ඉල්ලා අස් වෙන්න ඕනේ.

පිළිතුර - අපිට අනුමානයක් තියෙනවා මේ නීතිය සහ සාමය පිළිබද ඇමතිවරයා කතා කලේ කියල. ඔහු එසේ කරානම් අනිවාර්යෙන් ඔහු ඉල්ලා අස්විය යුතුයි. 

ප්‍රශ්නය - පොලිස්පතිවරයා?

පිළිතුර - තවම නැහැ. ඔහුට අවස්ථාවක් තිබෙනවා. අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නවද නැද්ද තීරණය මත ඔහුගේ අනාගතයත් තීරණය වෙනවා. ඔහුට දැනටම අවස්ථාව තියෙනවා වැරැද්ද නිවැරදි කර ගන්න. ඒ වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන. දුරකථන ඇමතුම දුන් පුද්ගලයාට කිසිම සමාවක් නැ. ඔහු ඉල්ලා අස්විය යුතුයි. 

ප්‍රශ්නය - එතකොට ජනාධිපතිතුමාගේ ස්ථාවරය මොකද්ද හොරු අල්ලන එක ගැන?

පිළිතුර - ජනාධිපතිතුමාගේ ස්ථාවරය පැහැදිලියිනේ. මීට කලිනුත් විශේෂ ප්‍රකාශයක් කරා නීතිය හරියට ක්‍රියාත්මක නොකරන්න තියෙන බාධා ගැන. දුෂිතයන්ට දඩුවම් දීමට ජනාධිපතිතුමා පැහැදිලි ස්ථාවරයක සිටිනවා. අදාල ආයතන ක්‍රියා කරන ආකාරය ගැන ජනාධිපතිතුමා කල ප්‍රකාශය අද බොහොම පැහැදිලිව ඔප්පු වෙනවා. දුෂිතයන් රකිමින් අදාල ආයතන කටයුතු කරන විදිහ පැහැදිලිව මේ සිදුවීම් වලින් ඔප්පු වෙනවා එදා සමාජය ඉදිරිපිට ජනාධිපතිවරයා දුෂිතයන් රකින උදවිය පිළිබදව හෙළි කල කතාව ඇත්ත බව. 

එම සම්මුඛ සකාච්ජාවේ වීඩියෝව පහතින් නරඹන්න

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති සාගල ඉල්ලා අස්විය යුතුයි, පොලිස්පතිට තව අවස්ථාවක් - ජනපති උපදේශක (VIDEO)
ඇමති සාගල ඉල්ලා අස්විය යුතුයි, පොලිස්පතිට තව අවස්ථාවක් - ජනපති උපදේශක (VIDEO)
http://ift.tt/2fTMutE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/video_57.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/video_57.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy