දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වසර 3ක් තුළ නව ව්‍යවසායකයින් ලක්ෂයක්
Homeප්‍රවෘත්ති

වසර 3ක් තුළ නව ව්‍යවසායකයින් ලක්ෂයක්

PropellerAds

වසර 03ක් ඇතුළත නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමේ ව්‍යාපෘතියක් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය විසින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ප්‍රාථ...

රන්දෙණිගල ජලාශය, හමුදා කදවුර ඉහල අහසේ අබිරහස් යානාවක්
රන්දෙණිගල ජලාශය, හමුදා කදවුර ඉහල අහසේ අබිරහස් යානාවක්
හිටපු ජනාධිපති, ගහපු අත්සන් විසිඑක්දාහ සිංගප්පූරු ජනාධිපති තවම කියවනවා ඇති - පී. හැරිසන්
වසර 3ක් තුළ නව ව්‍යවසායකයින් ලක්ෂයක්

වසර 03ක් ඇතුළත නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමේ ව්‍යාපෘතියක් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය විසින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (02) 2017 වසරේ අයවැය කාරක සභා අවස්ථාවට අදාලව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා," විශේෂයෙන්ම මම කියනවා, මම ඉල්ලීමක් කරනවා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාගෙන්ම ඔබතුමන්ලාගේ පළාත්වල ඉන්න ව්‍යවසායකයින් අපිට හදුන්වලා දෙන්න. ඒකේ කිසිම පක්ෂ බේදයක් නෑ. එක්සත් ජාතික පක්ෂයේ වෙන්න පුළුවන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ වෙන්න පුළුවන්. එහෙම නැත්තං දෙමළ සන්ධානේ හෝ වෙනත් පක්ෂයක කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට පුළුවන් මේ ව්‍යාපෘතියක් පටන් ගන්න. මගේ අමාත්‍යාංශය සූදානමින් ඉන්නවා මේ වෙනුවෙන් අතහිත දෙන්න. අපේ අමාත්‍යාංශය තුළින් අපි සැලසුම් කරලා තියෙනවා නව ව්‍යවසායකයින් බිහි කිරීම ඉලක්ක කර ගත්ත නව ව්‍යාපෘතියක් දියත් කරන්න. විශේෂයෙන්ම ලෝක බැංකුවේ ආධාර යටතේ අපිට ලැබිලා තියෙනවා ඩොලර් මිලියන 170ක්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයයි එකතු වෙලා මේ වැඩසටහන දියත් කරනවා.

මේකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ පුංචි ව්‍යවසායකයෝ ශක්තිමත් කරන්න. උදාහරණයක් හැටියට කාගේ හරි අතේ රුපියල් ලක්ෂ 10ක් තියනවා නම්, ඒ කෙනාට පුළුවන් ලක්ෂ 100ක ව්‍යාපෘතියක් ආරම්භ කරන්න. ඒ වෙන්නේ මෙහෙමයි. එයාට අපි මෙම ව්‍යාපෘතිය මගින් ලක්ෂ 50ක ආධාරයක් ලබා දෙනවා. ඒ වගේම අපි මැදිහත් වෙලා අඩු පොලී යටතේ තවත් ලක්ෂ 40ක් අපි ලබා දෙන්න කටයුතු කරනවා. මේක තුළ අපි බලාපොරොත්තු වෙනවා කෘෂිකර්ම ක්ෂේත්‍රයට රුපියල් බිලියන 62ක් එකතු කරන්න. මේ අයවැයේ මේ සල්ලි ගැන නෑ. නමුත් මේ ලෝක බැංකු ව්‍යාපෘතිය හරහා අපි මේ අවුරුදු තුනේදි මේ ආදායම රටට ගෙනත් දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි හැමදාම අයවැය හදනකොට හැදුවේ ආණ්ඩුවෙන් සල්ලි වියමදම් කරන අයවැයක්. නමුත්, මේ අයවැය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ පහසුකම් සැපයීම සිදු කරන්න.

අද මගෙන් කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා එක්සත් ජාතික පක්ෂය කියන්න ධනවතුන්ගේ - පෝසත් කට්ටියගේ පක්ෂය නේද කියලා. මම කීවා නෑ කියලා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ධනවතුන් - පොහොසතුන් බිහි කරන පක්ෂය. ඒ අනුව, මේ බලාපොරොත්තුවෙන් මම අපේක්ෂා කරනවා නව රැකියා අවස්ථා ලක්ෂයක්වත් බිහි කරන්න. මේකෙදි කුඩා ව්‍යාපෘති 450ක් ඇති කරනවා. කුඩා ව්‍යාපෘති සිද්ධ වෙන හැටි මම කළිං පැහැදිලි කළා. ඒ විතරක් නෙවෙයි, මහා පරිමාණ ව්‍යාපෘති 72ක් මේ හරහා ඇති කරන්න කටයුතු කරනවා. අපිට පුළුවන් ලොකු ව්‍යාපෘති වෙනුවෙන් ලක්ෂ 750ක් ආධාර දෙන්න. කවුරු හරි ව්‍යාපාරිකයෙක් ලක්ෂ 750ක ව්‍යාපෘතියක් ආරම්භ කරනවා නම්, අපි දෙනවා එයාට තවත් ලක්ෂ 750ක්. ඒ වගේම තව ලක්ෂ 1500ක් බැංකු ණය මගින් ලබා දෙන්න අපි උදව් කරනවා. ඒ අනුව ඔවුන්ට පුළුවන් ලක්ෂ 3,000ක ව්‍යාපෘතියක් ආරම්භ කරන්න"යනුවෙන් කියාසිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒ තුළින් නිෂ්පාදනය, අගයදාමය සහ ගුණාත්මකභාවය වැඩි කර ගැනීමටත් ජාත්‍යන්තර වෙළදපොළ ජයගැනීමටත් ශ්‍රී ලංකාවට හැකිවනු ඇත බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වසර 3ක් තුළ නව ව්‍යවසායකයින් ලක්ෂයක්
වසර 3ක් තුළ නව ව්‍යවසායකයින් ලක්ෂයක්
http://ift.tt/2g0uQYL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy