පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති සැබැ ඡන්ද ප‍්‍රතිශතය 40% ක් බවත් ඇතැම් මාධ්‍ය ආයතන මගින් ප‍්‍රකාශ කළ පළාත් පාලන...
පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති සැබැ ඡන්ද ප‍්‍රතිශතය 40% ක් බවත් ඇතැම් මාධ්‍ය ආයතන මගින් ප‍්‍රකාශ කළ පළාත් පාලන ආයතනවල ජාතික ප‍්‍රතිශත ගණනයන් වැරදි ඇති බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර සිටියි.
අමාත්‍යවරයාගේ නිවේදනයට අනුව
පොහොට්ටුවේ සැබෑ ජාතික ප්රතිශතය : 40.66%
(මාධ්‍ය ආයතනවලට අනුව : 44.65%)
එජාපයේ ජාතික ප්රතිශතය : 29.40%
(මාධ්‍ය ආයතනවලට අනුව : 32.63%)
ශ‍්‍රිලනිප + එජනිස ප‍්‍රතිශතය : 12.38%
(මාධ්‍ය ආයතනවලට අනුව : 13.38%)
ජවිපෙ ප‍්‍රතිශතය : 5.8%
(මාධ්‍ය ආයතනවලට අනුව : 6.27%)
මේ වරද සිදුවූයේ කෙසේ ද?
බොහෝ මාධ්‍ය ආයතන ජාතික ප‍්‍රතිශත ගණනයේදී සළකා බලා ඇත්තේ මූලික පක්ෂ කීපයක් (ශ‍්‍රි.පො.ජ.පෙ, එ.ජා.පෙ, ශ‍්‍රි.ල.නි.ප + එ.ජ.නි.ස, ජ.වි.පෙ, දෙමළ සන්ධානය ආදිය) ලබාගත් ඡන්ද 11,069,417 සියළු වලංගු ඡන්ද ලෙස ගැනීමෙනි.
නමුත් සෙසු පක්ෂ හා ස්වාධින කණ්ඩායම් සියල්ලේ වලංගු ඡන්ද ප‍්‍රමාණය ද සමග සියළු වලංගු ඡන්ද ප‍්‍රමාණය 12,214,901ක් තරම් වේ. මේ අනුව ඒ ඒ පක්ෂවල ජාතික ප‍්‍රතිශතය වෙනස් විය යුතුය.
ජනවාරි 8 ජනවරම හා ආණ්ඩුවේ අනාගතය.
මෙහිදී වැදගත් වන්නේ ආණ්ඩු හැදීමට කතා කරනා මහින්ද රාජපක්ෂ මහතාට ලැබී ඇත්තේ 40%ක් පමණක් වීමයි.
මේ අනුව ගත් කළ එජාප හා ජනාධිපතිතුමාගේ ශ‍්‍රිලනිපය සහිත ජාතික සභාග ආණ්ඩුවට අයත් පක්ෂවලට 42%ක් ලැබී ඇති අතර, පසුගිය ජනාධිපතිවරණයේදී හංසයා ලකුණ යටතේ එක්වූ පක්ෂවලට 51%ක් ඡන්ද ලැබී ඇත.
මේ අනුව තවමත් 2015 ජනවාරි 08 ජනවරමෙන් ජනතාව ඈත්වී නැති බව පැහැදිලිය. දැන් අවශ්‍යව ඇත්තේ ප‍්‍රධාන පක්ෂ දෙක එකතු කරන කඩිනම් ජාතික වැඩපිළිවෙලක් හා සෙසු සහායක පක්ෂවලට ගැටුම් ඇති නොවන ක‍්‍රියාමාර්ග ගැනීමය.
COMMENTS