2017 අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය සියයට 2.26 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් විය. 2016 වසරේ දී සියයට 9 ක් ඉක්මව...
2017 අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය සියයට 2.26 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් විය. 2016 වසරේ දී සියයට 9 ක් ඉක්මවූ කඩා වැටීමකින් පසු, යළිත් වරක් කොටස් වෙළෙඳපොළ යථා තත්ත්වයට පත් වෙමින් පවතින බවක් මේ වන විට පෙනෙන්නට තිබේ.
මීට අමතරව මෙතෙක් ඉතිහාසයේ තනි වසරක් තුළ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වූ ඉහළම ශුද්ධ විදේශීය මිල දී ගැනීම් මෙම වසරේ දී වාර්තා විය. එය රුපියල් බිලියන 18.5 කි. 2016 වසරේ දී මෙම අගය වාර්තා වූයේ රුපියල් මිලියන 633.5 ක් ලෙසිනි.
2017 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය පිරිවැටුම සටහන් වන්නේ රුපියල් මිලියන 915.3 ක් වශයෙනි . 2016 වසර අවසානයේ දී මෙම අගය රුපියල් මිලියන 737.2 ක් විය.
මේ අනුව බලන කල 2017 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ පෙර වසරට සාපේක්ෂව සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගෙන ඇති බව කිව හැකිය.
එසේ සාර්ථක වූ වසරක් තුළ සිදු වූ දෑ අතුරින් වඩාත් වැදගත් සිදුවීම් කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.
2017 ජනවාරි 02 - කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නව වර්ෂය වෙනුවෙන් ආරම්භ වුණා. වසර ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,228.26 ක් ලෙසින් සටහන් විය.
2017 මාර්තු 09 - කොටස් වෙළෙඳපොළේ මහා පරිමාණ ආයෝජකයෙකු ලෙසින් නම් දරා සිටින නිමල් පෙරේරා, තමන් කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දැරූ රෝයල් සෙරමික් සමාගමෙන් ඉල්ලා අස්විය. අමායා ලෙසර්, කින්ග්ස්බරි හෝටලය, හේකාබ්, හේලීස් හා තලවාකැලේ වැවිලි සමාගම යන ලැයිස්තුගත සමාගම්වල තමන් දැරූ අධ්‍යක්ෂ ධූරවලින් ද නිමල් පෙරේරා ඉල්ලා අස් වී ඇත. හොරණ වැවිලි සමාගම, ලංකා සෙරමික්, ලංකා වෝල්ටයිල්ස්, ස්විස්ටෙක් (සිලෝන්) හා ලංකා ටයිල්ස් යන ලැයිස්තුගත සමාගම්වල සභාපතිවරයා හා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වූ නිමල් පෙරේරා අදාළ තනතුරුවලින් ද ඉල්ලා අස් වී තිබේ. එසේම වැලිබල් වන් පීඑල්සී හි තමන් දැරූ නියෝජ්‍ය සභාපතිධූරයෙන් ද නිමල් පෙරේරා ඉල්ලා අස් වී ඇත.
2017 මාර්තු 27 - කොළඹ කොටස් වෙළෙඳපොළේ කඩා වැටීම තවදුරටත් තීව්‍ර කරමින් ඒකක 5,974.94ක් දක්වා සියලු කොටස් මිල දර්ශකය පහත වැටුණි. වසර තුළ වාර්තා වූ අඩුම සියලු කොටස් මිල දර්ශක අගය මෙයයි.
2017 අප්‍රේල් 04 – 2017 වසර තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු පළමු සමාගම වන BPPL (බී පී පී එල්) හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සිය ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කරන ලදී.
2017 අප්‍රේල් 12 - ඒකක 97.45 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගියේය. මෙය වසර දෙකක කාලයක් තුළ තනි දිනක දී සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය වැඩිම අගය වේ.
2017 මැයි 04 - RIL (ආර් අයි එල්) ප්‍රොපර්ටි ලිමිටඩ් සමාගමේ ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹිණි. 2017 වසර තුළ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු දෙවන සමාගම වන්නේ මෙයයි.
2017 මැයි 05 - කොළඹ කොටස් වෙළෙඳපොළේ නව සභාපතිවරයා ලෙසින් රේ අබේවර්ධන මහතා පත්විය. තැරැව්කරුවකු හා වර්ෂ 2009 සිට ආයෝජන බැංකුකරුවකු ලෙස ප්‍රාග්ධන වෙළෙඳපොළේ වසර තිහක පළපුරුද්දක් හිමි රේ අබේවර්ධන මහතා ඇක්විටි පාට්නර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කරනු ලබයි.
2017 ජූනි 06 - නිෂ්ඡන්ද කොටස් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි දර්ශකගත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කිරීම්වලට ඇතුළත් කරයි.
2017 ජූනි 30 - ඇමෙරිකානු එක්සත් ජනපදයේ සහ ආසියාවේ ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවෙකු ලෙස පළපුරුද්දක් හිමි දුමිත් ප්‍රනාන්දු මහතා, කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට පත්විය. ඔහු 2015 වර්ෂයේ සිට ඒෂියා සෙකියුරිටිස් සමාගමෙහි සභාපති හා ප්‍රධාන කොටස් හිමියකු ලෙසද කටයුතු කරනු ලබයි.
2017 ජූලි 14 - වසරේ ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා විය. මෙදින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,766.14 ක් ලෙසින් සටහන් වුණි.
2017 සැප්තැම්බර් 14 - බහුජාතික සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා, පාලක කොටස් හිමිකාරීත්වය දරන හේලීස් සමූහය පියවර තීරණය කළේය. ඒ රුපියල් බිලියන 12.5 ක මිලකට යි.
2017 සැප්තැම්බර් 15 - සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කොටස් මිලියන 231.84 ක් හේලීස් සමූහය විසින් මිල දී ගන්නා ලදී. මේ ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 10.89 කි.
2017 සැප්තැම්බර් 19 - ගෝලීය හුවමාරු සංසදයෙහි ප්‍රධාන විධායක නිලධාරී නන්දිනී සුකුමාර් මහත්මිය කොළඹ කොටස් හුවමාරුවෙහි පැවති දෛනික ගනුදෙනු ඇරැඹීමේ සීනුව නාද කිරීමේ උත්සව අවස්ථාවට එක්විය.
2017 සැප්තැම්බර් 27 - කොටස් තැරැව්කාර සමාගමක් වන නේෂන් ලංකා ඉක්විටීස් (පුද්) සමාගමේ සියලු වෙළෙඳ කටයුතු 2017 ඔක්තෝබර් 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි තහනම් කරනු ලබන කොළඹ කොටස් වෙළඳපොළ නිවේදනය කළේය. කොටස් තැරැව්කාර සමාගම් සඳහා බලපවත්වන නියමයන්ට අනුව අවම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමට නේෂන් ලංකා ඉක්විටීස් (පුද්) සමාගම අපොහොසත් වීම මීට හේතුවයි.
2017 ඔක්තෝබර් 02 - සිංගර් ශ්‍රී ලංකා සමාගමේ විධායක සභාපතිවරයා ලෙසින් මොහාන් පණ්ඩිතගේ මහතාත්, සම සභාපතිවරයා ලෙසින් ධම්මික පෙරේරා මහතා පත් කෙරුණි. මීට අමතරව තවත් සාමාජිකයින් සිව්දෙනෙකු සිංගර් ශ්‍රී ලංකා අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වුණි.
2017 ඔක්තෝබර් 16 - “Invest Sri Lanka Investor Forum” ආයෝජන සමුළුව ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී පැවැත්විණි.
2017 ඔක්තෝබර් 24 - මුරුසි ජනරජයේ නීතිරෙගුලාසිවලට අනුව ලියාපදිංචි සමාගමක් වන Eighth Wonder සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගමක් වන ඇස්කොට් හෝල්ඩිංග්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කරගන්නා ලදී.
2017 නොවැම්බර් 20 - දෙරටෙහි කොටස් වෙළෙඳපොළවල් අතර ආයෝජන අවස්ථා හා සහයෝගය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙන් කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ කොරියානු කොටස් හුවමාරුව (KRX) අවබෝධතා ගිවිසුමකට එළඹීම සිදුවිය.
2017 නොවැම්බර් 21 - ඩිල්ෂාන් වීරසේකර මහතා කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වුණි. ආයෝජන බැංකුකරුවකු හා ප්‍රාග්ධන වෙළෙඳපොළ විශේෂඥයකු ලෙසින් වසර 22 කට අධික අත්දැකීම් ඇති ඒ මහතා ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ද වේ.
2017 නොවැම්බර් 21 - කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණි නවතම සමාගම වන රේනුකා හෝටේල්ස් ලිමිටඩ්, සිය ද්විතියික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කරනු ලැබීය. මෙම සමාගම කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණේ ‘හඳුන්වා දීමේ‘ (Introduction) ක්‍රමවේදයට අනුවයි.
2017 දෙසැම්බර් 14 – LVL එනර්ජි ෆන්ඩ් ලිමිටඩ් සමාගෙමේ මූලික කොටස් නිකුතු ආරම්භ වුණි.
2017 දෙසැම්බර් 14 – ජෙට්වින් සිම්ෆනි ලිමිටඩ් සමාගමේ මූලික කොටස් නිකුතු ආරම්භ වුණි.
2017 දෙසැම්බර් 27 - 2017 වසරේ දෙසැම්බර් 27 දින වන විට ඇමරිකානු ඩොලර් මිලියන 120.1 ක ශුද්ධ විදේශීය ගලා ඒම් ප්‍රමාණයක්, කොළඹ කොටස් වෙළෙඳපොළ ද්විතීයික වෙලෙඳ ගනුදෙනු හරහා වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.
2017 දෙසැම්බර් 29 - 2017 වසරේ අවසාන ගනුදෙනු දිනයයි. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,369.26 ක්ලෙසින් සටහන් වුණි මේ අනුව 2017 වසර තුළ දී ඒකක 141 කින්, එසේත් නැතිනම් සියයට 2.26 ක වර්ධනයක් කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තා වී තිබේ.
(Derana Biz)
COMMENTS