පසුගිය යුද සමයේදී ජනාධිපතිවරුන්ට ආරක්ෂාව වෙනුවෙන් ආනයනය කරන ලද වෙඩි නොවදින සුපිරි මෝටර් රථ සහ ජීප් රථ ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කිරීම අද ...
පසුගිය යුද සමයේදී ජනාධිපතිවරුන්ට ආරක්ෂාව වෙනුවෙන් ආනයනය කරන ලද වෙඩි නොවදින සුපිරි මෝටර් රථ සහ ජීප් රථ ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කිරීම අද (26) පෙරවරුවේ සිදුකෙරිණි.
නාවික හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් කේ.කේ.සී. උදයංග මහතා සඳහන් කළේ මෝටර් රථ 08 යාත්‍රාවක් ආධාරයෙන් රැගෙන ගොස් බටහිර ප්‍රදේශයේ ගැඹුරු මුහුදේදී මෙලෙස ගිල්වා විනාශ කළ බවයි.
මෙම රථවල සවිකර තිබූ සන්නිවේදන උපාංග සහ වෙනත් වටිනා උපකරණ ගලවා ඉවත් කර ඇති අතර, වසර ගණනාවක් පැරණි මෙම රථ අලුත්වැඩියා කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීම හේතුවෙනුයි මෙලෙස මුහුදේ ගිල්වා විනාශ කර දැමීමට රජය තීරණය කර තිබේ.
මෙම වෙඩි නොවදින මෝටර් රථ වෙන්දේසි කළ නොහැකි අතර, මෙලෙස වාහන ගිල්වා විනාශ කිරීම ලෝකයේ පිළිගත් නිතියක් බව නාවික හමුදාව පැවසී ය.
ජනාධිපති කාර්යාලය මගින් නාවික හමුදාව වෙත මෙම මෝටර් රථ 08 ලබාදී ඇති අතර, ඊට ඇමරිකානු, බ්‍රිතාන්‍ය, රුසියානු සහ ඉන්දීය තානාපති නිලධාරින් භාවිත කළ වෙඩි නොවදින වාහනද ඇතුළත් වේ.
COMMENTS