ගල්ගමුවේ දළ පූටිටුවා හස්තියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන ගල්ගමුව ප‍්‍රදේශයේ වාරි මාර්ග විධායක ඉංජිනේරුවරයෙකු සහ ...
ගල්ගමුවේ දළ පූටිටුවා හස්තියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන ගල්ගමුව ප‍්‍රදේශයේ වාරි මාර්ග විධායක ඉංජිනේරුවරයෙකු සහ පොල්පිතිගම ප‍්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමක් අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය මූලික විමර්ශණ අරම්භ කර තිබේ.
මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටින පලමු සහ දෙවන සැකකරුවන්ගෙන් දළ පූට්ටුවා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝව සිදු කරන ලද ප‍්‍රශ්න කිරීම් වලදි අනාවරණ වූ කරුණු ඔස්සේ මෙම සැකකාර විධායක වාරි ඉංජිනේරුවරයා සහ විහාරාධිපති හිමි නම රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
දළ පූට්ටුවා හස්තියා වෙඩි තබා ඝතනය කිරීමේ සහ එම හස්තියාගේ ඇත් දළ යුගල සහ ගජමුතු අලෙවි කිරීමට තැත් කිරීම ඇතුලු සිද්ධීන් සම්බන්ධයෙන් දැනට සැකකරුවන් නව දෙනෙකු රිමාන්ඩ් බාරයට පත් කර තිබේ.
COMMENTS