සම්මුතිවාදි ආණ්ඩුව තුළ,ලෝකයේ පිළිගත් රටක් බවට මේ වන විට ශ්‍රි ලංකාව පත්ව ඇති බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සො...
සම්මුතිවාදි ආණ්ඩුව තුළ,ලෝකයේ පිළිගත් රටක් බවට මේ වන විට ශ්‍රි ලංකාව පත්ව ඇති බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
ඔහු පවසන්නේ ආණ්ඩුව තුළ එක්ව කටයුතු කළ ද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු නොකරන බවයි.
මොණරාගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.
එක්සත් ජාතික පක්ෂය සමඟ සම්මුතිව ආණ්ඩුවක් කළ ද වෙන් වෙන්ව සටන් කරන බව ද අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේය.
ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට සුදුසු නායකයෙක් අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වී සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS