ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාලව පැමිණිලි රැසක් වාර්තා වන බව මැතිවරණ නිරික්ෂණයේ නිරත පැෆරල් සංවිධානය පවසයි. ඇතැම් දේශපාලන පක්ෂ වි...
ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාලව පැමිණිලි රැසක් වාර්තා වන බව මැතිවරණ නිරික්ෂණයේ නිරත පැෆරල් සංවිධානය පවසයි.
ඇතැම් දේශපාලන පක්ෂ විසින් නාමයෝජනා ලැයිස්තුවලට ඇතුළත් කර ඇති නුසුදුසු අපේක්ෂකයින් සම්බන්ධයෙන් ද මහජනතාවගෙන් පැමිණිලි ලැබී ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මේ අතර පළාත් පාලන ආයතන 93කට අදාලව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් භාරදුන් නාමයෝජනා ලැයිස්තු අතරින් 23ක් ඊයේ ප්‍රතික්ෂේප විය.
දේශපාලන පක්ෂ 11ක නාමයෝජනා ලැයිස්තු 19ක් සහ ස්වාධීන කණ්ඩායම් වල නාමයෝජනා ලැයිස්තු 04ක් එලෙස ප්‍රතික්ෂේප වී තිබේ.
මේ සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ නාමයෝජනා පත්‍ර සකස් කිරිමේදි දේශපාලන පක්ෂ ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
COMMENTS