දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘‘මහරගම විධිමත් නාගරික සැලැස්මක් අත්‍යාවශ්‍යයි.’’
Homeගොසිප්

‘‘මහරගම විධිමත් නාගරික සැලැස්මක් අත්‍යාවශ්‍යයි.’’

PropellerAds

මහරගම විධිමත් නාගරික සැලැස්මක් අත්‍යාවශ්‍යය බව  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මෙම අදහස් පළකර සිටිය...

පානම දළපූට්‌ටුවාත් මාස 10 ක්‌ තිස්‌සේ අතුරුදන්.
ඉදිරි වසර තුන ඇතුළත සැමට නිවාස.
9 ශ්‍රේණියේ ගණිතය පොතට ඉතිහාසය පාඩම් ඇතුළත් කරලා.

මහරගම විධිමත් නාගරික සැලැස්මක් අත්‍යාවශ්‍යය බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළකර සිටියේ අද (06) දින මහරගම සංවර්ධන සැලසුම එළි දැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘මහරගම නාගරික සැලැස්ම ගිය වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. සාකච්ඡා කර පියවරෙන් පියවර අරමුදල් සම්පාදනය කිරීමේ වැඩපිළිවෙලට අද එකතු වෙලා තිබෙනවා. අපේ බලාපෙරොත්තුව මහරගම එක්තරා ආකාරයකට ගත්තොත්, එක් පැත්තකින් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල නිසා විශාලම අධ්‍යාපනික මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. රටේ අද වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉගෙන ගන්නේ මෙම විශ්ව විද්‍යාලයේ. ඒ වගේම ඇඟලූම් කර්මාන්තය නිසා පමුණුව, සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලූම් නිෂ්පාදකයින්ගේ මධ්‍යස්ථානය බවටත්, මහරගම පත්වෙලා තිබෙනවා. ඒ වගේම අපේ ධර්මායතනය ප‍්‍රමුඛ අපේ ආයතන නිසා බෞද්ධ පුනර්ජීවනයේ නගරය හැටියට මේ පසුගිය කාලයේ ගෞරවනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ මැදිහත්වීමෙන් මහරගම පත්වුණා. 

ඒ වගේම මේ මහරගමට විධිමත් නාගරික සංවර්ධනයක් අත්‍යාවශ්‍ය වී තිබෙනවා. මේ කලාපයේ අනෙකුත් ප‍්‍රදේශත් සමග මහරගම ගත්තහම අපට පේනවා කොළඹ නගරය පසුගිය දශක 3 ක පමණ කාලය පුරා ජනගහනය පැත්තෙන් එකතැන පල්වෙන ස්වරූපයක්. 1991 දී ත් කොළඹ නගරයේ ජනගහනය ලක්‍ෂ 6ක පමණ, දැනුත් අඩුවැඩි වශයෙන් ඉන්නේ ලක්‍ෂ 6 ක් පමණ. කොළඹ නගරයේ ජනගහණය දශක තුනක පමණ කාලයක සිට සීමා වී තිබෙනවා. නමුත් මේ අවට නගරයන් කෝට්ටේ, මහරගම, කැස්බෑව, කඩුවෙල වැනි ප‍්‍රදේශවල සීග‍්‍ර ජනගහන වර්ධනයක් අපට දැක ගන්න පුළුවන්. මේ නිසාම විශාල ප‍්‍රශ්නවලට අපිට මුහුණ දෙන්න වෙලා තිබෙනවා. එකක් අපේ ජල තීරයන් විශාල වශයෙන් දූෂණයට ලක්වීම. උදාහරණයක් වශයෙන් මේ බොරලැස්ගමුව වැව. ඒ වගේම කසළ කළමනාකරණයේ තිබෙන අවිධිමත් භාවය. එයට හොඳ උදාහරණයක් කරදියානේ තිබෙන විශාල කසල කන්ද. ඒ වගේම රෝගාබාධ ආදියේ ඒ සමගම ව්‍යාප්ත වෙලා යනවා. ඒ වගේම අප කාටත් අත්දකින්න වෙලා තිබෙන මෙම මාර්ග තදබදය. මේ කරුණු නිසා අපේ මේ ප‍්‍රදේශ තවදුරටත් දියුණු කරන්න අපහසු තත්වයට පරිවර්තනය වීගෙන යනවා. ඒ නිසා තමයි අපට විධිමත් නාගරික සැලැස්මක් අවශ්‍ය වෙලා තිබෙන්නේ.

අපේ අමාත්‍යාංශය මැදිහත් වෙලා කරදියානේ කසලින් විදුලිය නිපදවන ව්‍යාපෘතියක් තොරගෙන කි‍්‍රයාත්මක කරන්න පළාත් සභාවට භාරදී තිබෙනවා. 2019 දී එම ව්‍යාපෘතියේ කටයුතු නිමවෙලා වැඩ ආරම්භ කරනවා. ඒ අනුව ඉදිරි වසර දෙකක පමණ කාලය තුළ අපට හොඳ විසඳුමක් කසළ කළමනාකරණයට එතනින් ලැබෙනවා. ඒ වගේම අපි පුත්තලමේ අරුවක්කාලූ ප‍්‍රදේශයේ විශාල විද්‍යාත්මක කසළ රඳවනයක් ඉදිකරගෙන යනවා. ඒ කසළ රඳවනයේ වැඩ ලබන වසරේ මුල භාගයේදී අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මහරගම පමණක් නෙමෙයි මුළු වයඹ පළාතේ මෙන්ම බස්නාහිර පළාතේ මෙන්ම අවශ්‍යනම් මුළු ලංකාවේම කුණු තව වසර 80කට එහි තැන්පත් කළ හැකියි. එතකොට මේ සියවසේදී  කසළ ප‍්‍රශ්නයක් එළඹෙන්නේ නැහැ. ඒ වගේම මීතොටමුල්ල, බ්ලූමෙන්ඩල් කසළ කඳු පුනරුත්ථාපනය කිරීමත් මෙම වසරේදීම සිදු කරනවා.  කරදියාන කසළ කන්දත් ඒ වගේම සංරක්‍ෂණය කර එම ප‍්‍රදේශ නාගරික උද්‍යාන බවට පත් කිරීමට කටයුතු කරනවා.

ඒ වගේම ඇළ මාර්ග පවිත‍්‍ර කරණය සඳහා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ඉදිරිපත් වී විධිමත්ව  එම ඇල මාර්ග පිරිසිදු කිරීමත්, පිළිසකර කිරීමත් සිදු කරනවා. එහි ප‍්‍රධානම එකක් තමයි මේ මහරගම බොරලැස්ගමුව ඓතිහාසික වැව සංරක්‍ෂණය කිරීම සඳහා තිබෙන වැඩපිළිවෙල අපේ සුරේන්ද්‍ර අතපත්තු මහතා අපට දැනුම් දුන්නා. ඒ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් සමග එකතු වී මේ වැව තව අවුරුදු 1 1/2 කින් ඉතාම සුන්දර ස්ථානයක් බවට පරිවර්ථනය කරන්න කටයුතු කරනවා. ඒ වගේම නාවින්නේ බස්නැවතුම්පලත් සමග විධිමත් වාණිජ මධ්‍යස්ථානයක් ඉදිකරන්න මේ වසර මැද භාගයේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බහුමහල් වාහන නතර කිරීමේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතුත් දැන් ආරම්භ වෙලා සෑහෙන දුරට සිදු කෙරීගෙන යනවා. එයත් මේ වසර මැද භාගය වන විට විවෘත කරන්න හැකියාව ලැබෙයි.

ඒ වගේම මහරගම අයත් කොට්ටාව ප‍්‍රදේශයේ විශාල වාණිජ මධ්‍යස්ථානයක් හා බස්නැවතුමක් ඉදිකරන්න අපි කටයුතු කරනවා. එය අපේ රජයේ මුදලින් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉටු කරනවා. ඒ වගේම මාකුඹුරේ හැදෙන ලංකාවේ ප‍්‍රථම බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය, ලෝක බැංකු ආධාර යටතේ 3k ව්‍යාපෘතිය මගින් තමයි එය ආරම්භ කළේ. හැබැයි අපි එම ආදර්ශය හැමතැනටම ගෙනයන්න බලාපොරොත්තු වෙනවා. එහෙම උනොත් ඒ ස්ථානය මේ කලාපයේ විශාල මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. ඒ සමගම අපි බලාපොරොත්තු වෙනවා සුඛෝපභෝගී බස් සේවයක් කොළඹ බලා යන අයට එතනින් ආරම්භ කරන්න. ඒ වගේම බස්වලට හා පොදු ප‍්‍රවාහනය මුල්තැන දෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්න. දැනටමත් අපි බස් ප‍්‍රමුඛතා මංතීරු නමින් හඳුන්වා දී තිබෙනවා. එය තවම හයිලෙවල් මාර්ගයට හඳුන්වා දී නැහැ. එම කටයුත්තත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මහරගම ප‍්‍රදේශයේ පැල්පත්වාසීන් අනවසරයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්වල පදිංචි වෙලා සිටින අය සම්බන්ධයෙන් ලබන වසරේ විධිමත් නිවාස වැඩපිළිවෙලකුත් දියත් තරන්න කටයුතු කරනවා. දැනට අපි මහරගම මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති දෙකක් වියත්පුර නමින් දියත් කර තිබෙනවා වෘත්තීයවේදීන් පිරිසට නිවාස පහුසකම් සැපයීම සඳහා. 

මේ සියල්ලම ඊ ළඟ වසර 3 ඇතුළතදී නිම කරන්න අපි කටයුතු කරනවා. මේ මහරගම වැවේ මේ කෙටි කාලයේදී ඇති වූ පරිවර්ථනයම එයට හොඳ නිදසුනක්. ඒ වගේම ආර්ථිකමය වශයෙන් කාලයක් නිෂ්පාදන පැත්ත දියුණු උනා. ඒ වගේම නවෝත්පාදනය අද ආර්ථිකයේ ප‍්‍රධාන කි‍්‍රයාකාරීත්වය වී තිබෙනවා. ඇතැම් රටවල් අලූත් ආර්ථික කලාපයක් හඳුනාගෙන තිබෙනවා තමන්ගේ ආර්ථිකය දැන් උඩට ගෙනයන්න. අපි කියන්නේ ICE කියලා. එයින් අපි හුඟක් වෙලාවට අදහස් කරන්නේ Information, Communication,Entertainment මේ තුන එකතු කරපු ආර්ථිකයක්. ඒක තමයි බොරලැස්ගමුව වැව වටේට ඉදිවෙන්නේ. මේක ඇත්තටම අපේ ලංකාවට ඉතාම උචිතයි. අපේ රටේ තිබෙන මේ පරිසරය පද්ධතියත් ඒ වගේම අපේ තරුණ තරුණියන්ගේ කුසලතාවයත්, ඒ වගේම අපි හොඳට සම්බන්ධිත රටක්. අද වෙනකොට 4G ජාලය මුළු රටේ ව්‍යාප්ත වෙලා තිබෙනවා. හැමෝම අතේම අද ස්මාර්ට් ෆෝන් එක තිබෙනවා. ඒ වගේම පරිගණක ජාලය ඉතාම ශක්තිමත්ව ව්‍යාප්ත වෙච්ච රටක් ලංකාව. ඒ නිසා අපේ ICE ආර්ථිකය ඉදිරියට ගෙයන්න ඉතාම හොඳ තැනක් නිසා තමයි නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මේ නගර හරහා කි‍්‍රයාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මම කියන්න  ඕනේ මේවා කරගෙන යනකොට විරෝධතා බලපෑම් ගොඩක එල්ල වෙනවා. ඒ නිසා මෙම කටයුතු කරන්න අපි සෑම දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මේ වැරදි ප‍්‍රවෘත්ති පතුරුවාගෙන යනවා කොළඹ නගරය ගිලා බහින්න යනවා කියලා වරාය නගරය නිසා. ඇත්තටම ජනමාධ්‍ය මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි. එවැනි සිදුවීම් තිබෙනවා නම් එය වර්තා කර ඉදිරිපත් කිරීමේ වරදක් නැහැ. කොළඹ වරාය නගරය හදන්නේ ගොඩ ඉංජිනේරුවෝ නෙමෙයි. ඒ වගේම තුට්ටු දෙකෙ ප‍්‍රවෘත්ති පළකර තමන්ගේ පත්තර විකුණා ගන්න හදන අයත් නෙමෙයි. කොළඹ වරාය නගරය හදන්නේ අන්තර් ජාතික මට්ටමේ විශේෂඥ ඉංජිනේරුවෝ. අපි දන්නවා එතන ඇතිවීමට නියමිත ගැටළු. මම බොහොම වගකීමෙන් කියනවා මෙම රජය පත්වීමත් සමග විධිමත් පාරිසරික අධ්‍යන වාර්තාවක් ලබාගැනීමත්, එහි බොහොම පැහැදිලිව ජල තලයේ ඇතිවන වෙනස්වීම් ආදිය පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඒවාට අපි පැහැදිලි විසඳුම් ලබාදී තිබෙනවා. ඉදිරියේදිත් එම තත්වයන් අපි පැහැදිලිව මැන ගනිමින් එම කටයුතු සිදු කරනවා. එමනිසා කොළඹ ගිලාබහින්න යනවයි කියන අයට දෙන්න තිබෙන උත්තරේ 2025 දී තට්ටු 60 ක ගොඩනැගිලි එම ස්ථානයේ ඉදිවනවා. එම 60 වෙනි තට්ටුවට ගිහින් බලමු කොළඹ කොච්චර ගිලා බැහැලද?, කොච්චර උඩට නැගලද කියලා. මම ඒ ගොල්ලන්නට එය විවෘත අභියෝගයක් විදිහට කියනවා. එදාට මම බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී මේ ගැන අසත්‍ය, සත්‍ය තොරතුරු පළකල සියළු දෙනාගේම ඒ තොරතුරු ප‍්‍රදර්ශනය කරන්න.

සාධාරණ විවේචන අපි බාර ගන්නවා. මොකද අපි ඉංජිනෙරුවෝ. අපි දන්නවා මොනවද වෙන්න යන්නේ කියලා ඒ අනුව අපි ඒ සඳහා නිසි පියවර ගන්නවා. කොළඹ නගරයේ ඉදිකිරීම් කරනකොට ප‍්‍රශ්න මතුවෙනවා. මම ඒවගේම අපේ ගයන්ත කරුණාතිලක මැතිතුමා, අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අපි එක ආසන්න ගෙවල් තුනක වාසය කරන්නේ. අපේ නිවසට පිටුපසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිවාස සංකීර්ණයක් ඉදිකරනවා. අපේ නිවාස අවුරුදු 100 ක් පමණ පරණයි. එම ව්‍යාපෘතියේ බිම් හාරන කොට අපේ නිවාස වලට හානි සිදුවී තිබෙනවා. නමුත් අපි ඒවා ඉවසගෙන ඉන්නවා. ඇයි අපි ඒවා ඉවසන්නේ අපේ රාජ්‍ය නිලධාරීන්ට නිවාස ඉදිකිරීම ඉතා වැදගත් නිසා. අපි ඒකට ඉවසීමෙන් සහයෝගය ලබාදෙනවා. මේ රටේ සංවර්ධනය පිළිබඳව පැමිණිලි කරනවාට වඩා ඉවසීමෙන් සංවර්ධනයට ඉඩදීමයි සිදුකළ යුතු වන්නේ. මෙම සංවර්ධනයේදී හොඳ ප‍්‍රතිපළ ලැබීමට කල් යනවා, ඉවසීමෙන් මෙම කටයුතු කරන ගමන් යුක්ති සහගත විවේචන අප පිළිගන්නවා. හැබැයි ඉතාම බරපතල විදිහට ජනතාව නොමග යවන සුළු බියවද්දන සුළු පහත් පෙලේ ප‍්‍රචාරවලින් ඇත්තටම රටේ සංවර්ධනයට පිටුවහලක් ලැබෙනනේ නැහැ. උපස්තම්භක වෙන්නේ නැහැ. අපි බොහොම වගකීමෙන් කියනවා එවැනි ප‍්‍රශ්නවලට අපි පිළිතුරු දී ඉදිරියට යනවා. මේ කලාපයේ මේ සංවර්ධනයේදී සෑම සිවිල් සංවිධානවලින් මා ඉල්ලා සිටිනවා වගකීමෙන් සමාජ හැඟීමෙන් යුතුව, මෙය අපේ දරුවෝ වෙනුවෙන් කරන වැඩක් විදිහට හිතලා කැපවිමෙන් මේ කටයුත්ත සිදු කරමු’ යැයි පැවසීය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘‘මහරගම විධිමත් නාගරික සැලැස්මක් අත්‍යාවශ්‍යයි.’’
‘‘මහරගම විධිමත් නාගරික සැලැස්මක් අත්‍යාවශ්‍යයි.’’
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkCgR_AWKcYXjl0W_xds7OmSHD7j6QSALKvYQfMdsO0-hrfwMf6QeeDd2It36X81nC4zHwlmpth1HOYD-_FjuZ-k1wUBmvZiqWbmMrejVqXXzHJs-3AgcQqCay51uVeTJdpzeynSD8gbop/s1600/maharagama+town.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkCgR_AWKcYXjl0W_xds7OmSHD7j6QSALKvYQfMdsO0-hrfwMf6QeeDd2It36X81nC4zHwlmpth1HOYD-_FjuZ-k1wUBmvZiqWbmMrejVqXXzHJs-3AgcQqCay51uVeTJdpzeynSD8gbop/s72-c/maharagama+town.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_680.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_680.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy