රජයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් 2018 වර්ෂය සඳහා කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසල් දරුදැරියන් වෙත බෙදාදෙන ලද පෙළපොත් කිහිපයක මුද්‍ර...
රජයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් 2018 වර්ෂය සඳහා කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසල් දරුදැරියන් වෙත බෙදාදෙන ලද පෙළපොත් කිහිපයක මුද්‍රණ දෝෂ රැසක් ඇතැයි එම දරුදැරියන්ගේ දෙමවුපියෝ පවසති.
එම දෙමවුපියන් පවසන ආකාරයට 2018 වර්ෂයේදී 09 ශ්‍රේණියට සමත් සිසුන් කිහිපදෙනෙකුට මෙම පෙළපොත් ලැබී ඇති අතර, ගණිතය - II කොටස පෙළපොතේ පළමු පාඩම ලෙස ‘‘ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටතට පත්වීම‘‘ යනුවෙන් සටහන්ව තිබේ.
එමෙන්ම එම පෙළපොතෙහි 07 වැනි පිටුවේ සිට නැවත ගණිතය විෂයයට අදාළ විෂයය කොටස් අන්තර්ගත කර ඇතැයිද දෙමවුපියෝ පවසති. මේ හේතුවෙන් පාසල් නිවාඩු කාලයේදී මෙමි පෙළපොත් පරිශීලනය කර තම දරුවන්ට අභ්‍යාස කිරීම මගහැරී යන බවද ඔවුහු පවසා සිටිති.
මෙම පෙළපොත 2015 වර්ෂයේ 06 සහ 10 ශ්‍රේණිවලටද, 2016 වසරේදී 07, 11 ශ්‍රේණිවලටද, 2017 වසරේදී 08 වැනි ශ්‍රේණියටද හඳුන්වා දී තිබෙන බවත්, 2018 වර්ෂයේදී පළමු වරට 09 ශ්‍රේණියට ලබාදී ඇති මෙම පෙළපොත පාසල් ළමුන් කිහිප දෙනෙකුට ලැබී ඇති බවත් දෙමවුපියෝ ප්‍රකාශ කරති.
COMMENTS