නිවාස නොමැති ජනතාවට ඉදිරි අවුරුදු තුන ඇතුළත නිවාස ලබාදීමේ කඩිනම් වැඩසටහනක් රජය ක්‍රියාත්මක කරන බවත් එම වැඩ පිළිවෙළ යටතේ මධ්‍යම පාන්තිකයන්ට...
නිවාස නොමැති ජනතාවට ඉදිරි අවුරුදු තුන ඇතුළත නිවාස ලබාදීමේ කඩිනම් වැඩසටහනක් රජය ක්‍රියාත්මක කරන බවත් එම වැඩ පිළිවෙළ යටතේ මධ්‍යම පාන්තිකයන්ට නිවාස ලබා ගැනීමට අවුරුදු පහක සහන පොලිය යටතේ ණය මුදලක් ලබාදෙන බවත් ජාතික ඉතිරි කිරීමේ බැංකුව රුපියල් කෝටි 7500ක් ඒ සඳහා වෙන් කර ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ(07) පස්වරුවේ කෙසෙල්වත්ත සුචරිත ශාලාවේ පැවැති මැද කොළඹ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමිනි.
නිවාස වැඩසටහන සඳහා අමාත්‍යාංශ හතරක් ක්‍රියාත්මක වන බවද සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා පසුගිය රජය යටතේ මුදල් නොමැතිව විවිධ බාධකවලට ලක්වී තිබූ ඇතැම් ව්‍යාපෘති සඳහා වත්මන් රජය මුදල් ලබාදුන් බවද කීය.
පැල්පත් වාසීන්ට පළමු අධියරේදී නාගරික නිවාස 20000ක් ලබාදෙන බවද ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා උතුර පුනරුත්තාපනය යටතේ නිවාස 50000ක්ද කඳුකරයේ වතු ජනතාව සඳහා තවත් නිවාස 10000ක්ද ලබා දෙන බව පැවසීය. ග්‍රාමීය නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවාස ලක්ෂ දෙකක් පමණ සෑදීමට ආධාර උපකාර කර තිබෙන බවද කී අග්‍රාමාත්‍යවරයා නිවාස නොමැති සියලු ජනතාවට නිවාස ලබාදීම රජයේ අරමුණ බවද ප්‍රකාශ කළේය.
ඉදිරියේදී මැද කොළඹට ජාතික පාසලක් ලබාදෙන බවද සඳහන් කළ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කැලණි පාලමේ සිට වරාය තුළින් කොටුවට පැමිණෙන මාර්ගය ආරම්භ කරන බවද කීය.
COMMENTS