බැඳුම්කර වංචාව සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වගකීම බාරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ ඊයේ (5) රාත...
බැඳුම්කර වංචාව සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වගකීම බාරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ ඊයේ (5) රාත‍්‍රියේ දඹුල්ල මැතිවරණ කොට්ඨාශයේ ගලේවෙල බේලියකන්ද ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
බැඳුම්කර සිද්ධියේ මුදලාලිලා කීප දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි වගකිව යුතු අනෙක් පාර්ශවය වන රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පිරිස අත්අඩංගුවට ගැනීම වලකා ගැනීමට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉටු කළ ක‍්‍රියාවලියක් බව හෙතෙම සඳහන් කළේ ය.
මෙය හිතාමතා සිදු කළ ක‍්‍රියාවලියක් බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපතිවරයා කඩුව අතට ගත්තාය කියු ගමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු බලා සිටියේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ඇතුළු වංචාකරුවන් පිරිස හිරේ දමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන බව දැඩි විශ්වාසයෙන් බව ද මන්ත‍්‍රීවරයා පැවසීය.
එහෙත් ජනාධිපතිවරයා සිදු කළේ වෙනත් කිහිපදෙනෙකු හිරේ දමා අගමැතිවරයා ඇතුළු අනිත් පිරිස අත හැර ඇති බව ද පැවසු මන්ත‍්‍රීවරයා මෙය ජවනිකාවක් බවද අවධාරණය කළේය.
හෙට අනිද්දා වන විට නාමල් රාජපක්ෂ වන තමන්වත් හිරේ දමාවි යැයි විශ්වාස පළ කරන බවත් වර්තමානයේ තරුණයන් අලුත් රැකියාවක් ආරම්භ කොට තිබෙන බවත් එය වෙළෙඳ පොළේ පොල් විකුණන ස්ථානයට යාබදව හිරමන විකිණීමේ ව්‍යාපාරය බවද සඳහන් කළේය.
COMMENTS