රජය උතුරු නැගෙනහිර ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කර නොමැති බවත් ඉන්දියානු රජය සහ යුධ හමුදාව එක්ව නිවස ලබාදුන් එකදු නිවසක් හෝ රජය උතුරු නැගෙනහි...
රජය උතුරු නැගෙනහිර ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කර නොමැති බවත් ඉන්දියානු රජය සහ යුධ හමුදාව එක්ව නිවස ලබාදුන් එකදු නිවසක් හෝ රජය උතුරු නැගෙනහිර ජනතාවට ලබාදී නොමැති බවත් ජාතික ඒකාබද්ධතා සංහිඳියාව සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය. මේ නිසා උතුරු නැගෙනහිර ජනතාව රජය කෙරේ කලකිරීමකින් සිටින බවද ඔහු පැවැසීය.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සමග සිය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් පසුව අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය.
එමෙන්ම පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්ත්‍රීවරුන් සිංහල සහ දෙමළ භාෂා දෙකම දැනගෙන සිටිය යුතු බවත් තමන්ට බලයක් පවතින්නේ නම් පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන්ට භාෂා තුනම අනිවාර්ය කරන බවත් සඳහන් කළේය.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දමිළ භාෂාව ඉගෙන ගැනීමත් සිංහල භාෂාව ඉගෙන ගැනීමත් පාර්ලිමේන්තුවේ පංති පැවැත්වුවත් මේ වන විට එහි කිසිදු මන්ත්‍රීවරයකු ඉගෙන ගැනීමට එක්නොවන බවත් හෙතෙම සඳහන් කළේ ය.
උතුර නැගෙනහිර ප්‍රදේශවල නිවාස ලක්ෂයක් තනාදීමට මීට වසර තුනකට ඉහතදී රජය තීරණය කළ බවත් නමුත් ආණ්ඩුවට එකම නිවසක් හෝ සාදා දීමට නොහැකි වී තිබෙන බවත් ඉන්දියානු ආණ්ඩුව නිවාස හතළිස් පන්දහසක් සාදා ඇති බවත් හමුදාවද ඉදිරිපත් වී තවත් නිවාස රැසක් ජනතාව වෙනුවෙන් තනා දී ඇති බවද පැවසීය.
එම නිවස ලක්ෂයකින් පනස්දාහක් ස්වාමිනාදන් අමාත්‍යවරයාට භාර දී තිබෙන බවත් ඔහු එක ගලක්වත් නිවාස ඉදිකිරීම සඳහා තබා නැතැයිද චෝදනා කළේය. නිවාස පනස් දහසක් ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශයක සිරවී තිබෙන බවත් එම නිවස පනස්දහස තම අමාත්‍යාංශයට ලබා දෙන බවට පොරොන්දු වුවද එය තවමත් අග්‍රාමාත්‍ය වරයාගේ කාර්යාලයේ සිර වී තිබෙන බවත් පැවැසීය.
ස්වාමිනාදන් අමාත්‍යවරයාට එම ප්‍රදේශයේ ජනතාව බනින බවත් තමාට ජනතාවගෙන් දොස් ඇසීමට නොහැකි බව ද සඳහන් කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍යවරිය වන විජයකලා මහේෂ්වරන් මහත්මියගේ වැරදි කතාවට තමන් එකඟ නොවන නමුත් එම කතාවට බනින මිනිසුන් උතුරු නැගෙනහිර ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කිරීම සඳහා අසමත් වී තිබෙන බවද ප්‍රකාශ කළේය.
විජයකලා මහේෂ්වරන් කළ මතය තුළම ජනතාව එල්බ සිටින බවත් ආණ්ඩුව ස්ථාපිත කර දීම, ඇමතිවරුන් ලබාදීම, රටේ වෙනසක් ඇති කිරීම, ජනපතිවරයෙක් ඇතිකිරීම ,අග්‍රාමාත්‍යවරයෙක් ඇතිකිරීම, සියල්ල උතුරු නැගෙනහිර ජනතාව සිදු කර දුන් බවත් නමුත් එම ජනතාවට කිසිදු සංවර්ධනයක් නැතැයි ද යන මතය තුළ ජනතාව සිටින බව සඳහන් කළේය.
COMMENTS