ජනමාධ්‍ය එක්ක ආණ්ඩු කරන එස්මන්ඩ් වික්‍රමසිංහ ගේ පුත් අගමැති රනිල් වික්‍රමසිංහට සිය කැබිනට් මණ්ඩල සංශෝධනය හෝ අද ජනමාධ්‍යයට විවෘත කළ නොහැ...
ජනමාධ්‍ය එක්ක ආණ්ඩු කරන එස්මන්ඩ් වික්‍රමසිංහ ගේ පුත් අගමැති රනිල් වික්‍රමසිංහට සිය කැබිනට් මණ්ඩල සංශෝධනය හෝ අද ජනමාධ්‍යයට විවෘත කළ නොහැකි විය. ජනමාධ්‍යවේදියෙකුට දෑසින් බලා සටහනක් ලියන්නට අවස්ථාවක් හෝ නැතිව ලංකා ඉතිහාසයේ සිදු වූ එකම කැබිනට් සංශෝධනය ඉතිහාසයට එක්වී අවසන් ය.
2008 වසරේ එජාප නායකත්ව අර්බුදය අවස්ථාවේ දී මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඇලික් අලුවිහාරේ රෝද පුටුවෙන් පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා ට දෙන්නට ලිපියක් එජාප මහ ලේකම් තිස්ස අත්තනායකට දුන්නේය. එහි පිටපතක් කරු ජයසූරියට ද යොමු කර තිබුණි. වසර 10 කට පසුව අලුවිහාරේ ගේ ලිපියේ වැකියෙන් වැකිය පසුගිය පෙබ. 12 සිට 25 දක්වා දිග හැරුණේ ය. කාමරයක සිට ජනමාධ්‍යට නිවුස් ප්ලාන්ට් කර බෙදා දෙමින් රටක් හෝ පක්ෂයක් කළ නොහැකිය.
එම සත්‍යය රනිල් වික්‍රසිංහ මහතාට අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඒ සත්‍ය පසක් වූයේ යම් එය රටටත්, එජාපයටත්, ජාතික ආණ්ඩුවටත්, ජනාධිපතිවරයාටත් හොදය.
පළාත් පාලන ඡන්ද ප්‍රතිඑලය විසින් අදට දින 15 ක් රට අරාජික වී ඇත. ඇස්බැන්දුමකින් එය වසා ගැනීමට දැරූ උත්සාහය අද නිර්වත්‍ර විය. වෙනස රැඩිකල් නොවූ අතර ව්‍යුහාත්මක වූයේ ද නැත. විද්‍යෝදය සම්ප්‍රදාය ලිච්චවී පාලනයක් ද නොවීය. රට පුරා පළාත් පාලන ආයතන 160 සභාපති/උපසභාපති වෙන්නට බලාගෙන සිටි එජාප මැම්බර් මහත්වරුන්ගේ බලාපොරොත්තුව බිදී වැටී ඇත!!
විජේදාස රාජපක්ෂ හා රවී කරුණානායක ගෙන් හිස් වූ අමාත්‍ය ධූර දෙකක් හිස්ව තිබුණි. එයට යෝජනා වූයේ රවී සමරවීර හා පාලිත රංග බණ්ඩාර ය. රංගේ බණ්ඩාරට කැබිනට් ඇමතිකම දෙන්නට රනිල් සුදානම් නොවීය. රනිල් අගමැතිකම් දැරූ අවස්ථා 3 ක දී ම, පුත්තලමට කැබිනට් ඇමතිකමක් දී නැත. ඒ නිසා පුත්තලම එජාප පාක්ෂිකයින් කියන්නේ අපි රනිල්ගේ බූරුවෝ කියාය. ගාල්ල, මාතර, කුරුණෑගල වගේ පරද්දනවා නම් පුත්තලමට ද කලක් යනු ඇතැයි එජාප සාමාජික අදහසය. ජනාධිපතිවරණයේ මාතලේ දිනාදුන් ඇලුවිහාරේ ගේ පුතා රංජිත් ට නියෝජ්‍ය ඇමතිකමක් වත් ලැබුණේ නැත. ඇඹිලිපිටියේ පාසල් සිසුන් ඇසූ ලෙස බුද්ධික පතිරණට ලැබුණේ ද ඒ ඉරණමයි.
අගමැති ඉවත් නොකර කරනු ලබන කිසිදු ප්‍රතිසංස්කරණයක් වැඩක් නොවන බව ශ්‍රීලනිප ද, එජාපය ද දැන සිටියේය. කරු ජයසූරිය පස්ස ගැසූ පසුව, පළමුව ආණ්ඩුව බේරාගෙන මසක් ඇතුළත පක්ෂ නායකත්වය වෙනස් කරමු යන ස්ථාවරයකට එජාප පාර්ලිමේන්තු කණ්ඩායම පත් විය. මාසයක සිහිනයේ 15 වන දිනයේ එම ප්‍රාර්ථනය බිද වැටී ඇත.
මනෝ ගනේෂන් කියූ ලෙස මේ රටේ ජනතාව කණ පැලෙන්නට ගසා කියා ඇත්තේ කිරිඇල්ල-කබීර් උඩ-යට මාරු කරන්න කියා ද? නැත. රනිල්-සාගලට මාරුකර ගන්න කියා ද? නැත. අජිත්, හර්ෂට රාජ්‍ය ඇමතිකම් දෙන්නට කියා ද? නැත. පසුගිය සති දෙකේ රනිල් ගේ ආරක්ෂකයින් සියල්ලට යන එන මං නැතිව ඇත. තලතා අතුකෝරල-රංජන් රාමනායකට ඒ අතර ය. අගමැති මාධ්‍ය ඒකකයේ නිවුස් ප්ලාන්ට් අංශය විසින් ජනමාධ්‍යයේ පැල කළ සියලු ප්‍රවෘත්ති ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද උදේ පුපුරා ගියේය.
සිකුරාදා සමනය වී තිබු කැබිනට් අර්බුදය සෙනසුරා උදේ ගිණිගත්තේ අර්ජුන ඇලෝසියස්-කසුන් පලිසේන බන්ධනාගාර රෝහල්ගතවීම නිසාය. ලැජ්ජා-බය නැති බව විසින් අද (ඉරිදා) සංශෝධනය සිදු නොවිය යුතු බවට දැවැන්ත බලපෑමක් සෑම දෙසින්ම එල්ල විය. ශ්‍රීලනිප පමණක් නොව එජාපයේ මන්ත්‍රීවරුන් 25 කට වැඩි පිරිසක් ජනාධිපතිවරයා කීවේ දැන් නම් හොදටම ඇති බවය. ඒ අනුව, කිසිදු ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකු අද නව තනතුරු බාර නොගැනීමට කතිකා විය. අගමැති ඉවත්වීම සුහදව විසදා ගැනීමට තවත් ඉඩ ඇති බව දක්වන්නට පමණක් නාමිකව පියසේන ගමගේ පමණක් තනතුර බාර ගත්තේය.
තනතුරු බාර ගැනීම ප්‍රතිකේෂප කළ පිරිස අතර සුසිල්-ඩිලාන්-අමුණුගම-දයාසිරි-අමරවීර ද විය. දැන් අර්බුදය තවත් සති දෙකක් ඉදිරියට යන බව ජනාධිපතිවරයා නිල වශයෙන්ම ප්‍රකාශ කර ඇත. තවත් සති දෙකක් යනු ඡන්දයෙන් පසුව සති 4 ක් හෙවත් මාසයකි. මාසයක් යනු කබීර් හෂිම් ගේ නිවසේ දී එජාප නායක හා අගමැති අර්බුදය විසදා ගැනීමට අවශ්‍ය යැයි කියූ මාසය යි.
පාලිත රංගේ බණ්ඩාර විසින් ආසන සංවිධායකවරුන්ගේ අස්වීම ආරම්භ කළේය. ඒ මාවතේ යන්නට 24 දෙනෙකු සුදානම් විය. කරූ ජයසූරිය අගමැති ධූරය බාර ගැනීම ප්‍රතිකේෂප කිරීමත් සමගම එහි දෙවන අදියර ක්‍රියාත්මක නොවීය. නමුත්, අද උදේ නැවත පාලිත රංගේ බණ්ඩාර ‘අපි පුත්තම් බුරුවෝ‘‘ යැයි දෙවන වෙඩි මුරය ද පත්තු කළේය. එජාප මන්ත්‍රීවරුන් උත්සවයට ආවේ නැත. එජාපයේ සැමගේ ගෞරවය දිනූ රංජිත් මද්දුම බණ්ඩාර දිව්රුම් දීමේ උත්සවයෙන් පසුව ‘තමන් ඉන්නේ ජනතාවගේ මතයේ‘ බව මාධ්‍යයට කීවේ හොදින් සකස් කළ ප්‍රකාශයක් ලෙසිනි.
වසන්ත සේනානායක කීවේ, ‘ආණ්ඩුවේ කොමඩි නාට්‍යයේ පළමු කොටස අද කළා. දෙවන කොටස ඉදිරියේ දී කරයි. හැබැයි ජනතාව අඩයි ද? හිනිවෙයි ද? ගල් ගහයි ද? දන්නේ නෑ කියාය. රට වටෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි මන්ත්‍රීවරුන් කිසිවෙකුත් මේ තත්වය බලාපොරොත්තු නොවීය. දස දෙනෙක් තනතුරු උඩ-යට මාරු කරගෙන වැඩේ අවසන් විය.
රනිල් වික්‍රමසිංහ තමාට එරෙහිව වැරෙන් පහර දෙන සැමට කාලයෙන් කාලයට තනතුරු පුදයි. 2005 තිස්ස-ලක්ෂ්මන්, 2007 ජොන්ස්ටන්, 2012 සජිත්-දයා ගමගේ, 2013 (නායකත්ව මණ්ඩලය) දී කබීර් ලං කර ගැනීම ඒ සදහා උදාහරණ ය. 2018 කබීර් සමග එක්වී රැස්වීම් තැබූ රවී සමරවීරට කැබිනට් ඇමතිකම් ද, හර්ෂ හා අජිත් පී. ට රාජ්‍ය ඇමති ධූර ලැබී ඇත. රනිල් රකින්නට ගිය තලතා, කිරිඇල්ලට තිබූ දේ ද නැතිවිය. හැමදාම රනිල් විවේචණය කළ, මෙදා විතරක් සාමයේ මාවතට පැමිණි රංජන්ට ‘නීතිය හා සාමය‘ කෙසේ වෙතත් රාජ්‍ය ඇමතිකමක්වත් නැති විය. බන්දුලාල් ට ඉන්න හිටින්නට තැනක් නැති විය.
ශ්‍රීලනිප එක් පැත්තකින් අගමැතිට එරෙහි විශ්වාස භංගය ඇරඹී ඇත. එයට සහාය දෙන්නට පොහොට්ටුව පැකිලෙමින් ඇත. පොහොට්ටුවේ දුෂිතයින් දකින්නේ රනිල් නීතිය හා සාමයට පත් වීම තමන්ට කප්රුක පහළ වූ ලෙස විය යුතුය. එජාපය අනෙක් පසින් නැවත ආසන සංවිධායක ධූරයන්ගෙන් ඉල්ලා අස්වීම අත්සන් තැබීම සදුදා පටන් ගනු ඇත. 2000 සිට පාර්ලිමේන්තුවේ සිටි උඩරට එජාප මන්ත්‍රීවරයෙකු කියන්නේ තමන් සමග 42 ක් ඒ සදහා සුදානම් බවය.
ඇලික් අලුවිහාරේ 2008 දී ලියූ ඓතිහාසික ලිපියේ තිබූ කථාව අද සනාථ වී ඇත. 2001 දී එස්.බී., ජී.එල්., කිරිඇල්ල සහ ගාමිණී අතුකෝරල එක් වී සිදු කළ බල පෙරළිය වසර දෙකකින් ගජ මිතුරෝ ආපසු හැරවීය. පක්ෂයේ ඡන්ද පදනම කුළියට දී මහින්ද රාජපක්ෂ එලවා, 2015 දී ලබා ගත් ආණ්ඩුව වසර 3 ක් ගෙන යන්නට පෙර අර්ජුන්-මලික්-රත්වත්ත ලා විසින් ආපසු හරවා ඇත. තිස්ස අත්තනායක Tissa Attanayake අතේ හෝ එම ලිපියේ පිටපතක් ඇත්නම්, 2005 ජනාධිපතිවරණ පරාජයේ සිට 2008 දක්වා බලය තහවුරු කර ගැනීමට රනිල් කළ කී වලින් අද කැරළි ගසන එජාප නායකයින්ට පාඩමක් ඉගෙන ගනු හැකිය.
ප.ලි. අරලියගහ මැදුරු නිවුස් ප්ලාන්ට් එවන හතර දෙනාගේ කල්ලියට ලබා දෙන ලණු දිවරා ගැනීම අපහසු විය හැකිය.
කීර්ති තෙන්නකෝන්
(විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය)
COMMENTS