දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මව් බිම බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී ලේ හැලුව රණ විරුවෙකු පැරා මළළ ක‍්‍රීඩා තරගාවලියේදී ලෝකයේම හිත දිනා ගනියි (PHOTOS)
Homeගොසිප්

මව් බිම බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී ලේ හැලුව රණ විරුවෙකු පැරා මළළ ක‍්‍රීඩා තරගාවලියේදී ලෝකයේම හිත දිනා ගනියි (PHOTOS)

PropellerAds

ලන්ඩන් නුවර පැවැත්වෙන ලෝක ශූරතා පැරා මළල කී‍්‍රඩා තරගාවලියේ දී ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයෙකු පිටියේදී කළ සුවිශේෂී කි‍්‍රයාවක් පිළිබඳ දෙස් ...

සසන්තිගේ අලුත් සැමියා ඇගේ අතීතය ගැන කියපු අමුතු කතාව
මහින්ද මෛත්‍රී අද සවස යළි එකම වේදිකාවේ - ඉවසුවා ඇති
දඩ ලියා පොලිසි ගෙනයන්න පෙර ලයිෂන් එක කොස්තාපල්ගෙන් ඉස්සූ තරුණිය මාට්ටු
ලන්ඩන් නුවර පැවැත්වෙන ලෝක ශූරතා පැරා මළල කී‍්‍රඩා තරගාවලියේ දී ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයෙකු පිටියේදී කළ සුවිශේෂී කි‍්‍රයාවක් පිළිබඳ දෙස් විදෙස් බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබෙනවා.

ඔහු නමින් අනිල් ප්‍රසන්න ජයලත්. මෙවර තගරාවලියේදී ටී42 පාද ආබාධ සහිත මීටර් 100 තරගයට එක්ව සිටි ඔහු ක්‍රීඩාවේ ජීව ගුනය යළිත් ලොවටම පසක් කර දුන්නා. තමන්ට වඩා සියලු පහසුකම්වලින් සමන්විත ප්‍රතිවාදී ක්‍රීඩකයින් අභිබවමින් එම ඉසව්වේ පළමු මීටර් 50 දී පෙරමුණ ගැනීමට අනිල් ප්‍රසන්න සමත් වුණා. තරගයේ අවසාන මීටර් 40 දී දකුණු අප්‍රිකානු නවක ක්‍රීඩකයා, පෙරමුණ ගෙන සිටි අනිල් ප්‍රසන්න වෙත වේගයෙන් ඇදී ආවා.

කෙසේවෙතත් ඔහුට ඔහුගේ පාදවලට දමා ඇති උපාංගය නිසා වේගය පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බව අනිල් ප්‍රසන්න මේ මොහොතේදීම තේරුම් ගත්තා. මීළඟ නිමේෂයේදී එම ක්‍රීඩකයා අනිල් ප්‍රසන්න ආසන්නයේදී ඇද වැටෙන්නේ සිය සමබරතාවය ගිලිහී යෑම හේතුවෙන්. ඉන්පසු තවත් මොහොතකින් තරගය නිමා වුවත් තරග බිමේ ඇද වැටුණු ක්‍රීඩකයා වෙත කිසිවෙකු දිව යනවා අනිල් දකින්නේ නැහැ. තවත් කාලය නොගෙන අනිල් යළි දුවන්නට පටන් ගන්නේ එම ඇද වැටුණු ක්‍රීඩකයා දෙසටයි.

ඒ වන විටත් තනිව නැගිටින්නට වෙර දරන ක්‍රීඩකයා දෙස සියලුම දෙනා බලා සිටියා පමණයි. ජයග්‍රහණයේ සතුට සමරමින් සිටි පිරිස එකවරම අවධානය යොමු කරන්නේ ඇද වැටුණු ක්‍රීඩකයා නැගිටවූ අනිල් ප්‍රසන්නව දැකීමෙන්. ඔහුට තරගය නිමා කිරීමට සහයෝගය දුන් අනිල් ප්‍රසන්නව ලෝකය හඳුන ගන්නේ ක්‍රීඩාවේ ජීව ගුණය යළිත් ලොවට මතක් කර දෙමින්. කෙසේවෙතත් අනිල් ප්‍රසන්න මෙම ඉසව්වෙන් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවත් අවසන් තරගයේදී වැරදි ආරම්භයක් ලබා ගැනීම හේතුවෙන් පදක්කම් සිහිනය බොඳ වී යනවා.

මව් බිම බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී ලේ හැලුව රණ විරුවෙකු වන අනිල් ප්‍රසන්න ශ්‍රී ලංකා යුද හමුදා කොමන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් මේජර්වරයෙකු ලෙස  තව දුරටත් සේවය කරනවා. 2009 වසරේ පෙබරවාරි මස 26 වැනිදා උතුරේදී ත්‍රස්තවාදීන්ගේ RPG ප්‍රහාරයකින් අනිල් ප්‍රසන්න තුවාල ලබනවා. පසුව සුවය ලබන අනිල් ප්‍රසන්න දණහිසෙන් පාදය නැමිය නොහැකි තත්ත්වයට පත් වුණා. 2013 වසරේ ක්‍රීඩාවට පිවිසෙන ඔහු  මේ දක්වා ජාත්‍යන්තර තරග රැසකට සහභාගී වී පදක්කම් රැසක් මව්බිමට දිනා දී තිබෙනවා.


- nethnews
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මව් බිම බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී ලේ හැලුව රණ විරුවෙකු පැරා මළළ ක‍්‍රීඩා තරගාවලියේදී ලෝකයේම හිත දිනා ගනියි (PHOTOS)
මව් බිම බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී ලේ හැලුව රණ විරුවෙකු පැරා මළළ ක‍්‍රීඩා තරගාවලියේදී ලෝකයේම හිත දිනා ගනියි (PHOTOS)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEUxI3AzHZ1gyrAOQAvHTqrD1zEs2pHw5xEbcenQ7ZwDpu56t7VmcoQzh3I5cueeKNAAI4ZjWB5QaOkkgSMHiYHZSB5sMjJTcbiNuF5_WtutopU3RYDtpFA1xooTzSa6ds0tMCRUtdT3U/s320/b-53.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEUxI3AzHZ1gyrAOQAvHTqrD1zEs2pHw5xEbcenQ7ZwDpu56t7VmcoQzh3I5cueeKNAAI4ZjWB5QaOkkgSMHiYHZSB5sMjJTcbiNuF5_WtutopU3RYDtpFA1xooTzSa6ds0tMCRUtdT3U/s72-c/b-53.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/photos_76.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/photos_76.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy