පළාත් පාලන මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යෑම සඳහා කුඩා දරුවන් සහභාගි කරවාගෙන තිබිණි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්...
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යෑම සඳහා කුඩා දරුවන් සහභාගි කරවාගෙන තිබිණි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 295 ක් තිබෙන අතර ඒවායේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙසින් ඇත්තේ පුලතිසිපුර විද්‍යාපීඨ මධ්‍යස්ථානයයි.
ඡන්ද පෙට්ටි පුලතිසිපුර විද්‍යාපීඨ මධ්‍යස්ථානයෙන් අනෙකුත් මධ්‍යස්ථාන කරා බෙදා හැරීම සඳහා දරුවන් යොදා ගනු ලැබ තිබිණ.
මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිතී අංශයේ නිළධාරිනියකගෙන් විමසා සිටි අවස්ථාවේදී ඒ නිලධාරිනිය පවසා සිටියේ වයස අඩු දරුවන් කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට කුමන සේවාවක හෝ යෙදවිය නොහැකි බවයි.
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි සහ නිළධාරින් ඡන්ද මධ්‍යස්ථාන වෙත ප‍්‍රවාහනය කිරිම අද (9) පෙරවරුවේ සිට ආරම්භ විය.
පළාත් පාලන ආයතන 340 කට ජනතා නියෝජිතයින් 8325ක් තෝරාගැනීමේ ඡන්ද විමසිම හෙට (10) උදැසන 7 සිට ආරම්භ වෙයි. අතර ඊට මහනගර සභා 24ක් නගර සභා 41ක් සහ ප‍්‍රාදේශීය සභා 276 ක් ඇතුළත්ව ඇත.
COMMENTS