අගමැතිවරයා 2016දී නීතිපතිවරයාට වාර්තාව ඉදිරිපත් කළ අවස්ථාවේ දී ක්‍රියාත්මක වුවා නම් බැදුම්කරය සම්බන්ධයෙන් නඩු හබ අවසන් වී මේ වන විට වරදකරු...
අගමැතිවරයා 2016දී නීතිපතිවරයාට වාර්තාව ඉදිරිපත් කළ අවස්ථාවේ දී ක්‍රියාත්මක වුවා නම් බැදුම්කරය සම්බන්ධයෙන් නඩු හබ අවසන් වී මේ වන විට වරදකරුවන් හිර බත් කන තත්ත්වයකට පැමිණීමට ඉඩ තිබූ බව රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
නියෝජ්‍ය ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ පර්පචුවෙල් ට්‍රෙසරීස් සමාගමේ හිමිකරු සහ එහි ප්‍රධාන විධායක නිලධාරියාව ඊයේ (4)අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමිණි.
එහිදී අමාත්‍යවරයා මෙලෙස අදහස් දැක්විය.
“රජය ලෙස අප අතිශයින් සන්තෝෂ වෙනවා මේ කටයුත්ත පරක්කු වී හෝ සිදුවීම සම්බන්ධයෙන්. මොවුන් අධිකරණය ඉදිරියේ වරදකරුවන් වීමෙන් පසු උපරිම දඬුවම් ලබා දිය යුතුයි කියා අප විශ්වාස කරනවා. මේ වංචාවට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන්ටත් මේ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වෙයි කියා බලාපොරොත්තු වෙනවා. අගමැතිතුමා 2016 දී නීතිපතිවරයාට වාර්තාව ඉදිරිපත් කරපු අවස්ථාවේ දී ක්‍රියාත්මක වුනා නම් මෙළහකට මේ නඩු හබ ඉවර වෙලා ඔවුන්ට අවශ්‍ය හිර බත් කන තත්ත්වයකට පැමිණෙන්න තිබුණ කියල මම විශ්වාස කරනවා.”
COMMENTS