සැප්තැම්බර් මස පළමුවනදා සිට අළෙවි කරන සියළුම යතුරුපැදි හිස්වැසුම්වල අනතුරකදී ගැටිය හැකි ස්ථාන පිළිබඳව ලොව පිළිගත් සහ විද්‍යාත්මකව තහවුරු ක...
සැප්තැම්බර් මස පළමුවනදා සිට අළෙවි කරන සියළුම යතුරුපැදි හිස්වැසුම්වල අනතුරකදී ගැටිය හැකි ස්ථාන පිළිබඳව ලොව පිළිගත් සහ විද්‍යාත්මකව තහවුරු කළ රූප සටහනක් ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කිරීමත් නිසි ප්‍රමිතියෙන් යුතු හිස්වැසුමක් මිලදී ගැනීම පිළිබඳවත් පාරිභෝගිකයා දැනුවත් කළ යුතු බවට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීමක් කරයි.
ඔවුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මුහුණට හානි සිදුවීමෙන් යතුරුපැදිකරුවන් විශාල පිරිසක් සදාකාලික රෝගීන් බවට පත්වන බවත් ඒ සඳහා ප්‍රතිකාර කිරීමට රජයට විශාල වියදමක් දැරීමට සිදුවන බවත්ය.
ඒ හේතුවෙන් ලබන මස පළමුවැනිදා සිට මෙම රූප සටහන් සහිත යතුරුපැදි හිස්වැසුම් අළෙවිය අනිවාර්ය කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.
එම නිවේදනය පහතින්.
COMMENTS