බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ මහතා ශ්‍රී ලංකාවට ගෙන්වූවේ එතුමන්ගේ ආරක්...
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ මහතා ශ්‍රී ලංකාවට ගෙන්වූවේ එතුමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවට යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා අද (24) වවුනියාවේදී පැවසුවේය.
වන්නි ආරක්ෂක සේනා 56 සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් යුධ හමුදාපතිවරයා එලෙස පැවසුවේය.
නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් යුදහමුදාපතිවරයා මෙසේ අදහස් දැක්විය.
‘රටේ යුද හමුදාපති හැටියට ඒ නිලධාරියාගේ ආරක්ෂාවට මම වගකියන්න ඕන මේ නිලධාරියා වෙනත් රටක ඒ රටේ නීති පද්ධතියට යටත්ව රාජකාරි කරන අතරේදී යුද හමුදාපති හැටියට හෝ වෙනත් අධිකරණ විශ්වාසවන්තව දැනුවත් කරන්න බැහැ. ඔහුගේ ආරක්ෂාව තහවුරු වෙයි කියලා ඒ ගැන සාකච්ඡා කරන්න මම ඔහුට එන්න කිව්වා. ඔහු දැන් ඇවිල්ල ඉන්නවා. දැන් මම ඉන්නේ කොළඹින් පිට නමුත් මම ඉදිරියේදී ඔහුත් සමග සාකච්ඡා කරනවා.”
“ඔහු කරපු දේ හරිද වැරිද කියල තීරණය කළ යුතුව ඇත්තේ වෙනම කෙනෙක්. නමුත් ඒ නිලධාරියා මෙහෙ ඇවිත් ඉන්නේ ඔහුගේ කාලය ඉවර වෙලා නෙමෙයි. අපි සාකච්ඡා කරන්නේ ඔහුගේ ආරක්ෂාව කොහොමද අපි සපයන්නේ කියලා. ඒ වගේම මේ අවස්ථාවේ ඒ සිද්ධියෙන් අයින්වෙලා ඉන්න එක මම හිතනවා සුදුසු නුවනක් කියලා. ඒ වගේම කනගාටු වෙනවා මේ රටේ ජනතාව අනවශ්‍ය බියකට මේක සිද්ධියක් කරගෙන තියන එක ගැන. මේ වගේ සිද්ධි ඕන තරම් වෙලා තියනවා. නමුත් රණවිරුවන් දඩමීමා කරගත නොගත යුතුයි. මේ රටේ පාලනය නෙමෙයි මේක කරන්නේ මේක එක්තරා සිදුවීමක්.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS