දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඔවුහු මරණය ශීතලෙන් මුද්‍රා තැබූහ!

එයින් වසර 75කට පසු ඔවුන් දෙදෙනාගේ මළසිරුරු හමුවිය. ඒ” ස්විස් ග්ලැසියරයක් තුළ සිරවී තිබූ ඒ මළ සිරුරු” ග්ලැසියරයේ හිම දියවී යාමත් සමග නිරාව...

ඔවුහු මරණය ශීතලෙන් මුද්‍රා තැබූහ!

එයින් වසර 75කට පසු ඔවුන් දෙදෙනාගේ මළසිරුරු හමුවිය. ඒ” ස්විස් ග්ලැසියරයක් තුළ සිරවී තිබූ ඒ මළ සිරුරු” ග්ලැසියරයේ හිම දියවී යාමත් සමග නිරාවරණය වීම හේතුවෙනි.

ඇල්ප්ස් කඳුකරයේ කේබල් කාර් සහ ස්කී සේවාවක් පවත්වාගෙන යන සමාගමක ප්‍රධානී බර්න්හාඩ් ෂනෙන් පැවසුවේ මෙම සිරුරු සමාගම් සේවකයෙකු විසින් සොයාගත් බවයි. පිටේ ගෙන යන මලු” ටින් සහ වීදුරු බෝතලයක් ද” හිම මිදුණු ශරීර කොටස් සමග හමු වී තිබේ.

“දෙවන ලෝක යුද්ධ කාලයට අයත් ඇඳුම් කොටස් සමග කාන්තාවකගේ සහ පුරුෂයෙකුගේ මළ සිරුරු හමු වූ බව” ඔහු පසුව පැවසුවේය.

මේවා අදාළ අඹු සැමියන්ගේම සිරුරු බවට සැකහැර හඳුනාගැනීම සඳහා ඉදිරි දිනවලදී ඩීඑන්ඒ පරීක්ෂාවක් සිදුකිරීමට නියමිත ය

මෙම යුවළට දරුවන් සත් දෙනෙක් සිටින අතර” ඔවුන් එදා අතුරුදන් වූ සිය ආදරණීය දෙමාපියන් සෙවීමේ කාර්යය කිසි විටෙක අත්හැර දමා තිබුණේ නැත. ඔවුන් අතරින් එක් දරුවෙක් වූ මාසිලීන් උද්රි මෙසේ පැවසුවාය. “අපේ මුළු ජීවිත කාලය පුරාම අපි ඔවුන් හෙව්වා... අවුරුදු හැත්තෑ පහකට පසුව වුණත් මේ ලැබුණු පුවත නිසා අපට සැනසුම් සුසුමක් හෙළන්නට පුළුවන්..”

වසර 75කට පසු ඔවුන් වෙනුවෙන් ගෞරවනීය අවමඟුල් උළෙලක් ලබාදීමට සැරසෙන එම දියණිය තවදුරටත් පවසන්නේ” එම අවමංගල්‍ය උත්සවය සඳහා පැමිණෙන කිසිවෙක් කළු වතින් සැරසීමට අවශ්‍ය නොවන බවයි. එම කාරණය සාධාරණීකරණය කරමින් ඇය මෙසේ ද කීවාය. “මම හිතන්නෙ සුදු පාට වඩා සුදුසුයි. සුදු පාටෙන් බලාපොරොත්තුව සංකේතවත් කරනවා. අපි කිසිම වෙලාවක අපේ බලාපොරොත්තුව නැති කර ගත්තේ නැහැ...”

මේ අතර පරිසරවේදීන් පවසන්නේ මෙවැනි සිද්ධි අනාගතයේදී වැඩි වැඩියෙන් වාර්තා වනු ඇති බවයි. එයට එකම හේතුව වන්නේ” මිහිතලයේ උනුසුම ඉහළ යාම නිසා හිම කුට්ටි දියවෙමින් තිබීමයි.

1925 වසරේ පටන් මේ දක්වා පුද්ගලයන් 280 දෙනෙක් මේ අන්දමින් ඇල්ප්ස් කඳුකරයේදී හෝ වාලියස් ගංගා ආශ්‍රිතව අතුරුදන් වී ඇතැයි බලධාරීහු ප්‍රකාශ කරති.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28609,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඔවුහු මරණය ශීතලෙන් මුද්‍රා තැබූහ!
ඔවුහු මරණය ශීතලෙන් මුද්‍රා තැබූහ!
http://ift.tt/2umqfqG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_166.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_166.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy