වෙඩි තැබීමේ සිදුවීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ එම්. ඉලන්චේලියන් විනිසුරුවරයා ප්‍රකාශ කර තිබුණේ මෙම වෙඩි ප්‍රහාරය තමන් ඉලක්ක කරගනිමින් දියත...
වෙඩි තැබීමේ සිදුවීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ එම්. ඉලන්චේලියන් විනිසුරුවරයා ප්‍රකාශ කර තිබුණේ මෙම වෙඩි ප්‍රහාරය තමන් ඉලක්ක කරගනිමින් දියත් කළ එකක් බවය. එසේම මෙය ඉතා බරපතළ තත්වයක් බවත් මෙය පැහැදිලිවම අධිකරණයට එල්ල කෙරුණු තර්ජනයක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි. ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් පොලිස් නිලධාරියකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
වෙඩි ප්‍රහාරයට ඉලක්ක වූ විනිසුරුවරයා ද ඇතුළත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ දැනට විද්‍යා දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීම පිළිබඳ නඩුව විභාග වෙමින් පවතින අතර එහි ප්‍රධාන සැකකරුට පළායාම සඳහා උපකාර කිරීමේ චෝදනාව යටතේ ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ද පසුගිය දා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
COMMENTS