දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජෝන් මැකේන් ට මොළයේ පිළිකාවක්

  “ඔබ හැමවිටම සටන්කරුවෙක්.” යැයි රිපබ්ලිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියදී හිටපු ඩිමොක්‍රටික් ජනපති බරාක් ...

ජෝන් මැකේන් ට මොළයේ පිළිකාවක්
 
“ඔබ හැමවිටම සටන්කරුවෙක්.” යැයි රිපබ්ලිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියදී හිටපු ඩිමොක්‍රටික් ජනපති බරාක් ඔබාමා කීවේ මෙසේ ය. “පිළිකාව එයට එරෙහිව තිබෙන දේවල් ගැන දන්නේ නැහැ. අල්ලල දාන්න” ජෝන්...!” මේ අතර ඔහු සමග 40 වසරක මිතුදමක් පවත්වාගෙන යන උප ජනාධිපති මයික් පෙන්ස්ගේ ට්විටර් පණිවුඩයf මෙසේ විය. “පිළිකාව වැරදි කෙනාව අල්ලගෙන තියෙන්නෙ!” 
 
හිටපු ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, මේ පුවත සැළ වූ වහා මැකේන්ට දුරකථන ඇමතුමක් දුන්නේය. “මම ඔහුට කතා කළා, පිළිකාවට එරෙහි අරගලය වෙනුවෙන් ඔහුව ධෛර්යමත් කරන්න. ඒ වෙනුවට ඔහු මාව ධෛර්යමත් කළා.!! ඔහුගෙ ධෛර්යය සහ අධිෂ්ඨානය ගැන මම පුදුම වෙනවා..” යැයි පසුව ඔහු කියා සිටියේය. 
 
ඒ කතාව ඉතා නිවැරදි ය. 71 හැවිරිදි ජෝන් මැකේන් ඇමරිකානු ඉතිහාසය තුළ දේශපාලඥයෙකුටත් වඩා ප්‍රචලිතව සිටින්නේ සිය ජීවිත කාලය පුරාම සටන් වැදුණු අයෙක් වශයෙනි. ඔහු පැවතගෙන එන්නේ හමුදා පරිසරයකිනි. ඔහුගේ පියා සහ සීයා යන දෙදෙනාම ඇමරිකානු නාවික හමුදා ඉතිහාසය තුළ රන් අකුරින් සටහන් වී ඇත්තේ අද්මිරාල් පදවියට පත්වූ පළමු පිය-පුතු දෙපළ වශයෙනි. සීයා, පියා සහ පුතා යන තිදෙනාගේම නම ජෝන් මැකේන් ය. අද වන විට මැකේගේ පුතුන් දෙදෙනෙක් ද හමුදා උරුමය ඔස්සේ ගමන් කරමින් සිටිති. ඔහුගේ බාල පුතා වූ ජිමී නාවික හමුදාවේ මැරීන් භටයෙක් වන අතර, තවත් පුතෙක් වන ජැක් ඇමරිකානු නාවික හමුදා ඇකඩමියේ සේවය කරයි.   
 
අද වන විට” ග්ලියෝබ්ලස්ටෝමා නමැති” මොළයේ පිළිකාවක ආරම්භක අවස්ථාව සමග පොර බදමින් සිටින මැකේන් පාසල් සමයේදී මල්ලවපොර ශූරයෙක් විය. ඔහු කොතරම් ප්‍රබල සටන්කාමියෙක් ද යත් ඒ කාලයේ ඔහුගේ අන්වර්ථ නාමය” ‘මැක් නස්ටි’ විය2 අකලට කෙස් පැසුණු පසු ඔහුව “වයිට් ටොනේඩෝ’ යනුවෙන් ද හඳුන්වන ලදී. වියට්නාම යුද්ධයේදී පැසිෆික් බල ඇණිය මෙහෙයවමින් සිටියදී සතුරු හමුදාවට හසුවීමෙන් පසුව යුධ සිරකරුවෙකු වශයෙන් ගත කළ කාලය තුළ පවා ඔහුගේ ධෛර්යය මදකින්වත් පිරිහී ගියේ නැත. එදා 1967 වසරේදී ඔහු වියට්නාම යුද්ධයට එක්ව සිටියේ 23 වන බෝම්බ ප්‍රහාරක බලඇණිය සමගය. උතුරු වියට්නාමයේදී එම යානාවට මිසයිල ප්‍රහාරයක් එල්ල විය. යානාවෙන් ඉවතට විසි වී ගිය මැකේන්, සතුරු හමුදාව යටතට පත්විය. දින ගණනක් යන තෙක් ඔහුගේ තුවාළවලට ප්‍රතිකාර කෙරුණේ නැත. ඔහුගේ පියාගේ ඉහළ තනතුර පිළිබඳ සැළවීමෙන් පසු ඔහුව මුදාගැනීම සඳහා උපායමාර්ගික සැලසුමක් ඉදිරිපත් වූ විට ඔහු එය ප්‍රතික්ෂේප කළේ, “මට කලින් අල්ලගත්ත අයව මට කලින් නිදහස් කරන්න”යන කොන්දේසිය දමමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු වසර පහමාරක් උතුරු වියට්නාමයේ යුධ සිරකරුවෙකු වශයෙන් කල් ගත කළේ විවිධ වධ බන්ධන මධ්‍යයේ ය. මේ පිළිබඳ වැඩිදුර විස්තර ඇතුළත් කරමින් 1999 වසරේදී ඔහු ලියූ ස්වයං චරිතාපදානයේ නම “ෆේත් ඔෆ් මයි ෆාදර්ස්’ හෙවත් “මගේ පියවරුන්ගේ විශ්වාසය’ නම් විය. පසුව මෙම පොත 2005 වසරේදී ටෙලිවිෂන් මාලා නාටයකයටද නැගුණේය.   
 
පසුව 1981 වසරේදී නාවික හමුදාවෙන් විශ්‍රාම ගත් මැකේන් පූර්ණ කාලීන දේශපාලනයට එක් වූයේ ඇරිසෝනා ජනපදයේ සෙනෙට් සභිකයා වශයෙනි. එතැන් පටන් නොකඩවා සය වැනි වතාවටත් ඔහු අද සෙනෙට් සභාව නියෝජනය කරමින් සිටියි. ඔහු 2017 ජනාධිපතිවරණ සමයේදී නොබියව සිය පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය පවා විවේචනයට ලක් කළේය.
 
මැකේන් ගේ දියණිය මෙගන් මැකේන්, සිය ආදරණීය පියා පිළිබඳ අනපේක්ෂිත පුවත සම්බන්ධයෙන් අදහස් පළ කර තිබු අදහස්වලින් උපුටා ගත් කොටස් කිහිපයකි” මේ. 
 
“... අපේ මැකේන් පවුලම මේ ප්‍රවෘත්තියෙන් සසල වී සිටියදී එය අසා වඩාත්ම සන්සුන්ව සිටින පුද්ගලයා මගේ පියා ය. මා දන්නා දැඩිම මිනිසා ඔහු ය. කෲරතම සතුරාට පවා ඔහු ව බිඳ දමන්නට නොහැකි විය. දේශපාලන දිවියේ ආරාවුල්වලදී ඔහු නොනැමුණේය. ඔහුව විවිධාකාරයෙන් හිරිහැර කරන්නට පිළිකාවට පුළුවන. නමුත් ඔහුව යටත් කරගන්නට කිසිවකට නොපුළුවන. ඔහු සන්ධ්‍යාවේ විරුවෙකි. අපේ යුගයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ඇමරිකානුවෙකි. මගේ පියා මගේ වීරයා ය....”
 
අමාලි ජයවීර

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28609,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජෝන් මැකේන් ට මොළයේ පිළිකාවක්
ජෝන් මැකේන් ට මොළයේ පිළිකාවක්
http://ift.tt/2um3fZ3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_465.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_465.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy