දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ග්‍රාම නිළධාරීන් සඳහා TAB ව්‍යාපෘතිය හොර පාරේ?
Homeගොසිප්

ග්‍රාම නිළධාරීන් සඳහා TAB ව්‍යාපෘතිය හොර පාරේ?

PropellerAds

දිවයින පුරා සිටින ග්‍රාමසේවක නිලධාරීන්ට 2 in 1 වර්ගයේ ටැබ් පරිගණක ලබාදීමේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ව්‍යාපෘතිය සම...

ඩොලර් මිලියන 42ක් වැය වූ බොලිවුඩ් චිත්‍රපටය
ලොව ප්රථම 7nmප්රොසෙසරය සමගHUAWEI Mate 20ජංගම දුරකථනය ශ්රී ලංකාවට
මනෝ අසනීප වී රෝහල්ගත කරයි.. හදිසි ශල්‍යකර්මක්…

දිවයින පුරා සිටින ග්‍රාමසේවක නිලධාරීන්ට 2 in 1 වර්ගයේ ටැබ් පරිගණක ලබාදීමේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ව්‍යාපෘතිය සම්බන්ධව බරපතල සැකසංකා මතුව ඇති බව වාර්තා වෙයි.

මේ බව පෙන්වා දෙන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ රජයේ සියලු පිළිගත් ප්‍රසම්පාදන නීති-රීති උල්ලංඝනය කරමින් වැඩි ලංසු ඉදිරිපත් කළ සමාගමකට මෙම ටෙන්ඩරය ලබා දී ඇති බවය.

එසේම අඩු ලංසු ඉදිරිපත් කළ සමාගම් සිටියදී වැඩි මිලට ලංසු තැබූ සමාගමට එය ලබාදීම හමුවේ බරපතල අතයට ගනුදෙනුවක් සිදුව ඇති බවත් ඊට අදාළ අමාත්‍යංශයේ ප්‍රබලයින් කිහිපදෙනෙකුම සම්බන්ධ බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙම ව්‍යාපෘතිය ආරම්භ වන්නේ 2017 වසරේ අයවැය යෝජනා යටතේය. ඊට අනුව දිවයින පුරා සියලු ග්‍රාම නිළධාරීවරුනට 2 in 1 වර්ගය ටැබ් පරිගනක ලබාදීමට යෝජනා වී ඇත.

ඒ අනුව අදාළ පරිගණක සැපයීමේ ටෙන්ඩරය සඳහා ලංසු තබන ලෙස දැනුම්දෙමින් 2017 අගෝස්තු 25 වැනිදා ඩේලි නිවුස් පුවත්පතේ දැන්වීමක් ප්‍රසිද්ධ කිරීමට ද අමාත්‍යංශය කටයුතු කර ඇත.

අමාත්‍යංශ ලේකම් සෙල්ලම් පෙන්වයි

එසේම ටෙන්ඩරය විවෘත කිරීමට නියමිතව තිබී ඇත්තේ 2017 සැප්තැම්බර් 21 වනදා අතර ඊට පළමුව 2017 සැප්තැම්බර් 08 වන දින පූර්ව ලංසු කැඳවීමේ හමුවක්ද පවත්වා ඇත. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය ඇතුළු අමාත්‍යංශ නිළධාරීන් , ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ නිළධාරියෙකුද සහ ලංසුකරුවන් රැසක් මේ පූර්ව ලංසු කැඳවීමේ හමුවට සහභාගීව ඇත.

අනතුරුව 2017 වසරේ සැප්තැම්බර් 21 වන දින ග්‍රාම නිළධාරීන් වෙනුවෙන් 2 in 1 වර්ගයේ පරිගනක 7000 ක් ලබාදීම සඳහා වූ ටෙන්ඩරය විවෘත කර ඇති අතර ඒ ලංසුකරුවන් හය දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුවය.

දෙවැනි ලංසුවට මුල්තැන

වාර්තා වන ආකාරයට එහිදී සුදුසුකම් ලත් ලංසුකරුවන් අතරින් අවම ලංසු වටිනාකම රුපියල් මිලිනය 683 ක් ලෙස ඉදිරිපත්ව ඇති අතර දෙවැනි ලංසුව මිලියන 731 ක්ය. එහෙදී වැඩිම ලංසු වටිනාකම ඉදිරිපත් කර ඇත්තේ රුපියල් මිලියන 854 ක් ලෙසය.

රජයේ දැනට භාවිතා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව නම් මෙවැනි මිලියන ගණනක ගනුදෙනුවකදී තාක්ෂණ ඇගයීම් කමිටුවක් හරහා ලංසුකරුවන්ගේ තාක්ෂණ ඇගයීම් පරික්ෂාවක් සිදුකල යුතු අතර ඒ හරහා එම ලංසුකරුවන් මෙම ප්‍රසම්පාදනය සඳහා සුදුසුද නැද්ද යන්න සනාථ කරගත යුතුව ඇත.

ජනාධිපති අභියාචනා මණ්ඩල වාර්තාව තවමත් නෑ

නමුත් මෙහිදී එවැන්නක් සිදුවී නොමැති බව වාර්තා වන අතර ඒ වෙනුවට සිදුව ඇත්තේ ලංසු ඉදිරිපත් කර දින 14 ක් ඇතුළත අමාත්‍යංශය ලේකම්වරයා විසින් මිලියන 731 ක ලංසුවක් ඉදිරිපත් කළ V S Information Systems ආයතනයට මෙම ටෙන්ඩරය ලබාදීමය. ඒ බව ලංසුකරුවන් සියලු දෙනා වෙත දන්වා යවන්නටද අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු කර ඇති බවද වාර්තා වන අතර අදාළ තීරණය සම්බන්ධව විරෝධයක් ඇත්නම් එය ජනාධිපති අභියාචනා මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙසද එහිදී දැනුම්දී ඇත.

ඒ අනුව යමින් එක් ලංසුකරුවකු මේ තීරණය සම්බන්ධව විරෝධය පළකර ජනාධිපති අභියාචනා මණඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඊට අදාලව 2017 ඔක්තෝබර් 27 වන දින ත්‍රිපුද්ගල කමිටුවක් මගින් විමර්ශනයක්ද සිදුකර ඇත.

මෙම විමර්ශනය සඳහා අමාත්‍යංශ ලේකම් වසන්ත දේශප්‍රිය, තාක්ෂණ කමිටුව නියෝජනය කළ නිළධාරීන් දෙදෙනෙකු සහ විරෝධතාවය ඉදිරිපත් කළ සමාගම සහභාගි වී ඇති නමුත් මේ වන තෙක් එම විමර්ශනයට කුමක් සිදුවීද යන්න වාර්තාවී නොමැත.

මේ හේතුවෙන් අදාළ ව්‍යාපෘතියද අතරමග නතර වී ඇති බවක් පෙනෙන්නට ඇති අතර ටෙන්ඩර් මණ්ඩලය සහ තාක්ෂණික කමිටුව නිවැරදිව කටයුත කළේ නම් මේ වනවිට අදාල ටැබ් පරිගණක ග්‍රාම නිළධාරීවරුන්ගේ අතට පත්විය යුතුව තිබිණ.

ලේකම් වසන්ත, මේ ෆොටෝ බොරුද

කෙසේ වුවත් ටෙන්ඩර් මණ්ඩලය සහ තාක්ෂණ කමිටවු නියෝජනය කළ නිළධාරීන් ටෙන්ඩරය ලබාදුන් සමාගම සමග සමීප හිතවත්කමක් ඇති බවට සාක්ෂි ලැබී ඇති අතර පහත ඡායාරූපයේ, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ කරට අත දමාගෙන සිටින්නේ V S Information Systems ආයතනයට පරිගනක සැපයුම් සිදුකරන EZY නමැති සමාගමේ සේවය කරන කසුන් වර්ණකුලසූරිය නමැත්තාය.


එසේම ICT අයතනය ද EZY සමාගම හා සමීප සබඳතා පවත්වන අතර පහත ඡායාරූප එම ආයතනවල සේවය කරන්නන් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී ලබාගත් ඡායාරූපද අප වෙත ලැබී ඇත.



අඩු ලංසු ඉදිරිපත් කළ ආයතන තිබියදී පෞද්ගලික හිතවත්කම් මත හෝ අල්ලස් මත හෝ රාජ්‍ය මුල්‍ය සමඟ පිස්සු නටන්නට රජයේ නිළධාරියෙකුට තබා කිසිවෙකුටවත් අයිතියක් නැත.

එසේම මේ ගැන සොයාබලා කඩිනමින් නිවැරදි ක්‍රියාමාර්ග විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කටයුතු නොකළහොත් ඔහුට අත්වන ඉරණම අලුතෙන් ලිවිය යුතු නැති අතර එය සේරටම වඩා හොඳින් හරීන් ඇමැති දන්නා බව අපගේ විශ්වාසයද වෙයි.

(newstube.lk)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ග්‍රාම නිළධාරීන් සඳහා TAB ව්‍යාපෘතිය හොර පාරේ?
ග්‍රාම නිළධාරීන් සඳහා TAB ව්‍යාපෘතිය හොර පාරේ?
http://ift.tt/2DvOZzR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/tab_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/tab_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy