Loading... HUAWEI Mate20 ජංගම දුරකථනය පිළිබඳ මාධ්ය හමුවක් HUAWEI සමාගම පසුගියදා කොළඹ ලෝක වෙළඳ මධ්යස්ථානයේදී පැවැත්වීය.මෙහිදී අදහස් ද...
Loading...
HUAWEI Mate20 ජංගම දුරකථනය පිළිබඳ මාධ්ය හමුවක් HUAWEI සමාගම පසුගියදා කොළඹ ලෝක වෙළඳ මධ්යස්ථානයේදී පැවැත්වීය.මෙහිදී අදහස් දැක්වූ ශ්රීලංකාවේ HUAWEI මෙරට ප්රධානී පීටර් ලියු මහතා සඳහන් කළේ, nova3 ජංගම දුරකථනය හඳුන්වාදී මාස කිහිපයක් තුළ HUAWEI සමාගම ලොව ජංගම දුරකථන කර්මාන්තය පෙරළිකාර වෙනසකට ලක් කරමින් HUAWEI Mate20 මාදිලි පෙළ ලන්ඩනයේදී හඳුන්වා දීමට කටයුතු කළ බවය.”7nm ප්රොසෙසරය ඉහළ ක්රියාකාරීත්වයෙන් යුතු කෘත්රිම බුද්ධිමය තාක්ෂණයෙන් ද සමන්විතයි. Kirin 980 යනු Dual NPU එකකින් සමන්විත ලොවප්රථම ස්මාර්ට් ජංගම දුරකථන ප්රොසෙසරය වන අතරHUAWEI Mate20 මාදිලිය 4'5G LTE Cat. 21 තාක්ෂණය ලබාදෙන ලොව ප්රථම ජංගම දුරකථනය ද වෙයි. මෙම මාදිලි පෙළ මේවන විටත් ජාත්යන්තර වෙළඳපල තුළ දැවැන්ත ප්රගතියක් හිමිකරගෙන සිටින අතර එහි ඇති විශිෂ්ට කාර්යසාධනය,කාර්යක්ෂමතාව සහ සබඳතා පහසුකම් නිසාම මෙරට ජනතාව අතර ද එය අතිශය ජනප්රියවනු ඇති බවඅපගේ විශ්වාසයයි”Kirin980 7nm තාක්ෂණය හේතුවෙන් ආසන්න වශයෙන් 20%කඅමතර වේගවත් බවක්හිමිවී ඇති අතර 10nm තාක්ෂණයට සාපේක්ෂව මෙම ප්රොසෙසරය 40%කට ද අඩු ශක්තියකින් එම වේගවත් බව ලබාදීම විශේෂත්වයකි. ට්රාන්සිස්ටර්වල අඩු ප්රතිරෝධී බව හේතුවෙන් එහි බලශක්ති කාර්යක්ෂමතාව ඉතාඉහළ අගයක් ගනී. ප්රොසෙසරය මගින් අඩු බලශක්තියක් පරිහරණය කරනබැවින් උපාංගය රත් වීම පාලනය වේ. තවද ඉතා කුඩා AI ප්රොසෙසරය හරහා ISP, DSP සහ Dual NPU සහ තවත් සුවිශේෂී විශේෂාංග රැුසක් දුරකථනයට ඇතුළත් කිරීමට දුරකථන සැලසුම්කරුවන්ට හැකිව තිබේ.Kirin980 ප්රොසෙසරය වර්ග සෙන්ටි මීටර1කට වඩා අඩු වපසරියක් තුළ ට්රාන්සිස්ටර් බිලියන 6.9ක්සමන්විතව ඇත. LPDDR4X මෙමරිය 2133MHz දක්වා වේගයකින් ක්රියාත්මක වේ. සිව්වන පරපුරේ ISP තාක්ෂණය හරහා ඡායාරූපවල දෝෂ ඉවත් කර ඉතාඋසස් මට්ටමේ දසුන් ලබා ගැනීමේ හැකියාව හිමිකර දෙයි. මෙම ISP තාක්ෂණය, වීඩියෝ දසුන්වල ප්රමිතිය ඉහළ නැංවීමට සහ වීඩියෝගත කිරීමේ ප්රමාදයන් 33%කින් අඩු කිරීමට හැකිවෙනම වීඩියෝ මාර්ගයකින් ද යුතුවේ.
COMMENTS