අද (26) තුන්වන දිනටත් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමිව සිදු වන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පවසයි. තැපැල් ඡන්දය මෙතෙක් ප්‍රකාශ කිරීමට ...
අද (26) තුන්වන දිනටත් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමිව සිදු වන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පවසයි.
තැපැල් ඡන්දය මෙතෙක් ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට අද දිනයේත් ඡන්දය ප්‍රකාශ කළ හැක.
මීට පෙර තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කෙරුනේ ඊයේ සහ පසුගිය සඳුදා දිනයේය.
කෙසේවෙතත් අද දිනයේදී තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය නිලධාරීන්ට ලබන මස පළමු වනදා සහ දෙවනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා කියා සිටියේය.
COMMENTS