දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අධ්‍යාපනය සම අයිතියක් බවට පත් කිරීමේ පුරෝගාමියා බුදුන්වහන්සේයි
Homeප්‍රවෘත්ති

අධ්‍යාපනය සම අයිතියක් බවට පත් කිරීමේ පුරෝගාමියා බුදුන්වහන්සේයි

PropellerAds

ඉතිහාසයේ කුල මත පදනම්ව තිබුණු අධ්‍යාපන ක්‍රමවේදය,සෝපාක වැනි සැඩොල් කුලයේ අයටත් ධර්ම ඥාණය ලබා ගන්නට අවස්ථාව ලබා දෙමින් අධ්‍යාපනය සම අයිතියක...

පූජිත්ට සහ හේමසිරිට එරෙහිව අධි චෝදනා භාරදෙයි
ගෑස් මිල 1200කින් වැඩි කරන්න යෝජනාව එයි! ගෑස් සිලින්ඩරය 2000 පනී
69 ලක්‍ෂයෙන් 69 දෙනෙකුට වඩානම් තවමත් ආණ්ඩුව සමඟ ඉන්නවා - (video)
අධ්‍යාපනය සම අයිතියක් බවට පත් කිරීමේ පුරෝගාමියා බුදුන්වහන්සේයි

ඉතිහාසයේ කුල මත පදනම්ව තිබුණු අධ්‍යාපන ක්‍රමවේදය,සෝපාක වැනි සැඩොල් කුලයේ අයටත් ධර්ම ඥාණය ලබා ගන්නට අවස්ථාව ලබා දෙමින් අධ්‍යාපනය සම අයිතියක් බවට පත් කිරීමේ පුරෝගාමීත්වය ගත්තේ බුදු රජාණන් වහන්සේ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

ඒ මහතා මෙසේ අදහස් දැක් වූයේ කෑගලු මහා විද්‍යාලයට වසර 75 ක් පිරීම නිමිත්තෙන් එම විද්‍යාලයේ පැවත්වෙන අධ්‍යාපන ප්‍රදර්ශනයේ සමාරම්භයට විදුලිබල සහ පුනර්ජනනීය අසාත්‍ය රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා සමඟ ප්‍රධාන සම ආරාධිතයෙකු ලෙස එක්වෙමින්,එහි පැවති ගුරු උපහාර උත්සවය අමතමින්ය.

කෑගලු විද්‍යාලීය 93 ආදි ශිෂ්‍ය කණ්ඩායම සංවිධානය කර තිබූ මෙම උපහාර උළෙලේදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, එකල රාජ්‍ය තන්ත්‍රය ගැන සහ ඉහළ අධ්‍යාපනය ලබන්නට අවස්ථාව හිමි වූයේ රජ කුමාරවරුන්ට බවත්,ඔවුන්ට ඉගැන්වූයේ දිසාපාමොක් ගුරු දේවයන් බවත් පෙන්වා දුන්නේය.ලංකාවේ නිදහස් අධ්‍යාපනය ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂය සියල්ලන්ටම රජ කුමාරවරුන්ට මෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය ලබා දුන් බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

වර්ථමානය වන විට අලුත් දේශපාලන සංස්කෘතියක් ඇතුළත රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සම්බන්ධ වී ක්‍රියාත්මක කරන රජය,අධ්‍යාපන අයිතිය තව දුරටත් පුළුල් කරමින් අධ්‍යාපනය ලබන්නට ඇති අයිතියේ අවස්ථාවන් පුළුල් කර තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ලක්ෂ 45 ක පාසල් සිසුන්ට සිසු රක්ෂණ ක්‍රමයක් ඇරඹීම,උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ලැප්ටොප් ප්‍රධානය,සෑම සිසුවෙක්ටම වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම,උසස් පෙළ හරහා විශ්ව විද්‍යාල වරම අහිමි වන දූ දරුවන්ට එම අවශ්‍යයතාවය වෙනුවෙන් ණය ප්‍රදානය ආදි කරුණු ගණනාවක් අමාත්‍යවරයා එම කරුණු සඳහා උදාහරණ ලෙස ගෙන දැක්වීය.

මීට මාස කිහිපයකට පෙර ජාතික පාසල් සදහා ලක්ෂ 300 ක් වටිනා ගොඩනැඟිළි ලබා දීම යටතේ මෙම විද්‍යාලයට හිමිවන ගොඩනැඟිල්ල වෙනුවෙන් මුල්ගල් තැබීමට,එම විද්‍යාලීය ආදි ශිෂ්‍යයෙක් වන කෑගල්ල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලිලාන් අමරකෝන් මහතාගේ ඉල්ලීම මත සහභාගි වූ බව සිහිකළ අමාත්‍යවරයා,ඉදිරියේදී විද්‍යාලයට අවශ්‍යය වී තිබෙන පිහිණුම් තටාකයක් ලබා දීම කෙරෙහි ද තමාගේ අවධානය යොමු කරන බව පැවසීය.

මේ දිනවල සමාජයේ දැඩි අවධානයක් යොමු වී තිබෙන සයිටම් අර්බූදය ගැන අදහස් දැක් වූ අමාත්‍යවරයා,එය මේ වන විට පොරවෙන් කපන තත්ත්වය දක්වා වර්ධනය කළේ පැවති රජයේ නොසැළකිල්ල මත බව පෙන්වා දුන්නේය.එම අධ්‍යාපන ආයතනයට සියලු අවස්ථාවන් ලබා දී කටයුතු කළේ එම රජය බවත්,තමා එ’දවස පැය භාගයක් සයිටම් ආයතනය සම්බන්ධයෙන් විරෝධය දක්වා පාර්ලිමේන්තුවේ කතා කරද්දී අද කෑ ගසන කිසිවෙක් මීක් ශබ්දයක්වත් නො’නැඟූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.අද එය අධිකරණයට පවා ගොස් එහි අවසරය ලබා තිබියදී දේශපාලන වාසි පතා කටයුතු කිරීම වැරදි බවත් දේශපාලනය ගැන නොව දැන්වත් සියළු දෙනා ඉදිරි පරම්පරාව ගැන සිතා දේශපාලනය කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කෑගලු විද්‍යාලයේ ආදි සිසුවෙක් වන මහාචාර්ය එ.වී.සුරවීර මහතා තමාගේ ගුරුවරයෙක් බව පෙන්වා දුන් අමාත්‍ය කබීර් හෂීම් මහතා,තමා සහ ඔහු දේශපාලන වශයෙන් මත දෙකක් දැරුවද,තමා ගුරුවරයෙක් වශයෙන් දැඩි ගරුත්වයක් දක්වන පුද්ගලයෙක් බව පෙන්වා දුන්නේය. විද්‍යලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයන් වන හිටපු විගණකාධිපති සරත් මායාදුන්න,වර්ථමාන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපති දයා සදගිරි වැන්නන් ගැන ද සිහිපත් කළ අමාත්‍යවරයා කෑගල්ල ප්‍රදේශයේ බහුතර දේශපාලන නායකයන් පිරිසක් කෑගලු විද්‍යාලයෙන් සිප් සතර ලැබූ අය බව සිහිපත් කළේය.

එසේම විද්‍යාලයේ ගණිත අංශයේ කීර්තිමත් ඉතිහාසය ගැන කරුණු දැක් වූ අමාත්‍යවරයා, මෙවරද කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ගණිත අංශයෙන් විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබූ 50 දෙනා අතරින් 23 දෙනෙක්ම කෑගලු මහා විද්‍යාලයේ බව පෙන්වා දුන්නේය.එසේම ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවමින් හෙල්ල වීසි කිරීමේ තරඟ ඉසව්වට ඔලම්පික් උළෙල නියෝජනය කළ සුමේධ රණසිංහ වර්ථමානයේ විශ්ව විද්‍යාල සිසුවෙක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා,ඔහුගේ අනාගතය සම්බන්ධයෙන් සිය අමාත්‍යංශය වගකීමෙන් යුතුව අවධානය යොමු කරන බව පැවසීය.

මෙම අවස්ථාවට විදුලිබල සහ පුනර්ජනනීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,කෑගල්ල එක්සත් ජාතික පක්ෂ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක ලිලාන් අමරකෝන්,සබරගමු පළාත් සභා මංත්‍රීවරුන් වන ආනන්ද මිල්ලන්ගොඩ සහ හර්ෂ බුලත්සිංහල යන මහත්වරුද,විද්‍යාලීය විදුහල්පති  ජී.ඒ.එම්.එස්.සරත්චන්ද්‍ර යන මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් සමඟ විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු කළ ගුරු මව්වරු සහ පියවරු රැසක් සම්මාණ තිළිණ පිළිගැනීම සඳහා සහභාගී වී සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අධ්‍යාපනය සම අයිතියක් බවට පත් කිරීමේ පුරෝගාමියා බුදුන්වහන්සේයි
අධ්‍යාපනය සම අයිතියක් බවට පත් කිරීමේ පුරෝගාමියා බුදුන්වහන්සේයි
http://ift.tt/2lIWwFu
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_908.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_908.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy