නායකයාගේ රුව මැතිවරණයට යොදා නොගත් පක්ෂයක් පිළිබදව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ ආසියානු සංවර්...
නායකයාගේ රුව මැතිවරණයට යොදා නොගත් පක්ෂයක් පිළිබදව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග 10 ක් කාපට් කිරීමේ උත්සවයකට එක්වෙමිනි.
එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
“බේරුවල ආසනයේ සියලුම මාර්ග සංවර්ධනය කිරිම මේ වනවිට අවසන් වෙමින් තිබෙනවා. වත්මන් රජයේ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක වන අතර, ඇතැම් සංවර්ධන සැළසුම් ජනතා අයිතියට පත් වෙනවා. බේරුවල ආසනයේ විදුලිබලය, පානීය ජලය නොමැති පුද්ගලයින්ට විදුලිබලය ලබා දීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි. රජය විසින් නව වැඩපිළීවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ යටතේ විදුලිබලය නොමැති පවුල් වලට විදුලි බලය ලබා දීමේ දී නිවාස වයරීන් කිරීමට ද රජයෙන් මුදල් ලබා දීමට ද තීරණය කර තිබෙනවා. ඒ වසර 20 ක කාලයක් ගෙවීම සදහායි. එහිදී කිසිදු පොලියක් අය නොකිරීමට ද තීරණය කර තිබෙනවා. දුප්පත් ජනතාව සංවර්ධනය කිරීම සදහා සියලු වරප්‍රසාද රජය විසින් ලබා දෙනවා.”
“පොහොට්ටුව පක්ෂය කවදාවත් පිපෙන්නේ නැහැ. එහි නායකයා වන ජී.එල් පීරිස් මහතාගේ පිංතූරයවත් මැතිවරණ ව්‍යාපාරයට යොදාගෙන නැහැ. මෙම පක්ෂය පුදුමාකාර පක්ෂයක්. එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතා ඉටුකර ගන්න හදනවා. මම කියන්න කැමැතියි පිපෙන්නේ නැති පොහොට්ටුව පක්ෂය පස්සේ යන්න එපා කියලා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS