ආණ්ඩුවේ පස් අවුරුදු ආර්ථීක සැලසුම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එල්ල වී ඇති චෝදනා අනු...
ආණ්ඩුවේ පස් අවුරුදු ආර්ථීක සැලසුම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එල්ල වී ඇති චෝදනා අනුව ඔහුව එම තනතුරින් ඉවත් කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
හිටපු මහ බැංකු අධිපතිවරයා මේ වන විට සිංගප්පූරුවේ සිට යළි මෙරටට පැමිණ සිටින බැවින් ඔහුව ගෞරවනීය ලෙස එම තනතුරෙන් ඉවත්කිරීමට අගමැතිවරයා කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බුද්ධිය සම්බන්ධව තමන් තර්ක නොකරන බව කී අමාත්‍යවරයා ඔහුට එල්ල වී ඇති චෝදනාව අනුව මෙවන් තනතුරකට නුසුදුසු බවත් ඔහු එම තනතුරේ තබාගැනීම ආණ්ඩුවට හානියක් බවත් සඳහන් කළේය.
මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු අගමැතිවරයා අර්ජුන මහේන්ද්‍රන් මහතා රජයේ පස් අවුරුදු සංවර්ධන සැලැස්‌මේ උපදේශකවරයෙකු ලෙස පත්කරනු ලැබුවේ බැඳුම්කර වංචාව පිළිබඳ චෝදනාව එල්ල වී තිබියදී පමණක් බව වැඩිදුරටත් පැවසූ ඇමැතිවරයා දැන් කෝප් වාර්තාව මගින් එකී චෝදනා තහවුරු වී තිබෙන බවද පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
COMMENTS